සජිත් කමිටු සභාපතිකම් ඉල්ලයි ; සජබට විතරක් බෑ – රනිල් කියයි

අගමැති රනිල්ගේ පාලනය යටතේ සක්‍රිය කර ක්‍රියාත්මක කිරීමට නියමිත පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභා සභාපති ධුර වැඩි ප්‍රමාණයක් තමන්ට ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීමක් කොට ඇති අතර එම තනතුරු සමගි ජන බලවේගයට පමණක් නොව දෙමළ ජාතික සන්ධානය සහ ජාතික ජන බලවේගයට ද ලැබෙන පරිදි බෙදී යා යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා…

විපක්ෂයෙන් එන ඇමති 10ක් අද දිවුරුම් දෙති

    කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන්  දසදෙනකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  මහතා ඉදිරියේ අද (20 )දිවුරුම් දීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ආණ්ඩුවට සම්බන්ධ වන වෙනත් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්වල ඇමතිවරුන් දසදෙනකු මෙසේ දිවුරුම් දෙනු ඇතැයි දැනගන්නට ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා ,මහින්ද අමරවීර,ස්වාධීන කණ්ඩායම නියෝජනය කරන සුසිල් ප්‍රේම ජයන්ත, අනුර…

සජබ හතරකට කැබිනට් ඇමති තනතුරු ?

  රනිල් වික්‍රමසිංහ මහතාගේ කැබිනට් මණ්ඩලයේ ඇමති තනතුරු හතරක් සමගි ජන බලවේගයේ ප්‍රබලයින් හතර දෙනෙකුට ලැබීමට නියමිත බව තතු දත් දේශපාලන ආරංචි මාර්ග කියයි. හරීන් ප්‍රනාන්දු , මනුෂ නානායක්කාර , පාටලී චම්පික රණවක සහ තවත් එක් ප්‍රබලයෙකු ඒ අතර වන බව කියති. එමෙන් ම පසුව පත්කරනු ලබන රාජ්‍ය ඇමති තනතුරු කිහිපයක් සම්බන්ධයෙන් ද සාකච්ඡා සිදුවෙමින්…

225 ම එපා වුණේ බෙදී සිටි නිසා ; දැන්වත් එකතු වී වැඩ කරමු – හරීන් ප්‍රනාන්දු

ජනතාවට පාර්ලිමේන්තුවේ 225 දෙනා ම එපා වුණේ බෙදී ගහ ගැනීම නිසා බවත්, මෙම අර්බුදය හමුවේවත් එකතු වී වැඩ කිරීමට සියලු දෙනා එකඟ විය යුතු බවත්, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. අඩු තරමින් මාස තුනකටවත් සියලු දෙනා එකතු වී වැඩ කළ යුතු බව ඒ මහතා පැවසීය. එසේ නොකළ…

ගෑස් බෙදීම ප්‍රමාද කිරීම ගැන ලිට්‍රෝ නිලධාරීන් කෝප් කමිටුවට කැඳවා ප්‍රශ්න කරන්න – අගමැති රනිල් කියයි

ගෑස් බෙදීම ප්‍රමාද කිරීම ගැන ලිට්‍රෝ සමාගමේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට ගෙන්වා ප්‍රශ්න කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේ දී අද ඉල්ලීමක් කළේය. පෙරේදා ලැබුණු ගෑස් නැවේ ගෑස් ගොඩබෑම අයහපත් කාලගුණය නිසා අපහසු වීම නිසා නැව කොළඹ වරායට ගෙන්වා ලොරි මගින් ගෑස් ප්‍රවාහනයට තීරණය කොට ඇතත්, ඊයේ රාත්‍රී අට වනතෙක් ඒ සඳහා ලොරි…

අලුත් ඇමතිවරුන්ට ඇමැති වැටුප වරප්‍රසාද නෑ – අගමැති රනිල් පාර්ලිමේන්තුවේ දී කියයි

නව රජයේ අලුතෙන් පත්කරන ඇමැති මණ්ඩලයට  ඇමැති වැටුප් ලබා නොගන්නා බවත් ඔවුන්ගේ වරප්‍රසාද අඩු කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ඒ අතර දැනට වාර්තා වී ඇති අන්දමට එම අමාත්‍ය මණ්ඩලය අගමැතිවරයා ඇතුළුව විස්සකට සීමා කෙරෙනු ඇත. මෙම රනිල් වික්‍රමසිංහ රජයේ අමාත්‍යවරුන් කිසිවකුත් ඇමති වැටුප් හෝ අමතර වරප්‍රසාද නොලබා අමාත්‍ය ධුරවල කටයුතු කිරීමට එකඟතාවය …

තවත් ඇමතිවරු කීප දෙනෙක් හෙට දිව්රුම් දෙති ?

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අමාත්‍ය මණ්ඩලයේ තවත් ඇමතිවරුන් කිහිප දෙනකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ හෙට (19) දිවුරුම් දීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සදහන් කරන බව වාර්තා වෙයි. ආණ්ඩුවෙන් ඉවත් වූ සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රී පිරිසක් මෙලෙස දිව්රුම් දෙනු ඇතැයි කියති. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් හය දෙනකු නව ආණ්ඩුවට සම්බන්ධ වීමට සුදානමින්…

රජයට එක්වෙන්න හරීන්ගේ, මනුෂගේ කොන්දේසිවලට රනිල්ගෙන් ප්‍රතිචාර

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවට එක් වීම සඳහා හරීන් ප්‍රනාන්දු, මනුෂ නානායක්කාර මන්ත්‍රීවරුන් ඉදිරිපත් කොට ඇති කොන්දේසි සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිචාර දක්වා ලිපියක් යවා ඇත. ඔවුන් දෙදෙනා ඉදිරිපත් කොට තිබු කොන්දේසි හතක් සම්බන්ධයෙන් තම ස්ථාවරය දැනුම් දී ඇති රනිල් වික්‍රමසිංහ මහතා ” නිර්පාක්ෂික රජයක් ” සඳහා එක්වන ලෙස ඔවුන් දෙදෙනාට ඇරයුම් කොට ඇත.  

අර්බුදයට ගත යුතු හදිසි ක්‍රියාමාර්ග ඇතුළත් යෝජනාවලියක් සිවිල් සමාජයෙන්,

  සිවිල් සංවිධන හා සිවිල් සමාජ නියෝජිතයින් පිරිසක් විසින් ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ගැටළු විසදීම සදහා යෝජනා ඇතුලත් ලියවිල්ලක් ඊයේ මාධ්‍ය වෙත නිකුත් කර තිබුනි. එම යෝජනා පත්‍රය අගමැතිවරයා වෙත ඉදිරිපත් කර තිබු අතර, එහි පිටපත් ජනාධිපතිවරයා වෙත හා පාර්ලිමේන්තු මන්ත්‍රී මණ්ඩලය වෙත යොමු කර තිබුනි. සිවිල් සංවිධාන 25ක් හා සිවිල් සමාජ නියෝජිතයින් 86…

අසීරු මොහොතේ රනිල් අගමැති ධුරය ගැනීම අගය කළ යුතුයි – අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි මැදගම ධම්මානන්ද නාහිමි

    ආර්ථික වශයෙන් අසීරු තත්ත්වයකට රට පත්ව තිබෙන අවස්ථාවක අග්‍රාමාත්‍ය ධුරය භාර ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වීම අගය කළ යුතු බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති. දේශපාලන ස්ථාවරභාවය මඟින් ආර්ථික ගැටලු නිරාකරණය කර ගනිමින් ජන ජීවිතය නඟාසිටුවීමට නව රජය කඩිනමින් කටයුතු කරනු ඇතැයි ජනතාව අපේක්ෂා කරන බව ද උන් වහන්සේ කීහ….

ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාව පරාද වුණේ උපක්‍රමශීලී නොවීම නිසයි – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

  ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කරන යෝජනාව විවාදයට ගැනීම සඳහා වන ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාව පරාජයට පත්වූයේ පාර්ලිමේන්තු උපක්‍රමශීලී බව අමතක කර එය ඉදිරිපත් කළ නිසා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව විවාදයට ගැනීම සඳහා ස්ථාවර නියෝග අත්හිටුවීමට අවශ්‍ය බව එම්.ඒ සුමන්තිරන් මහතා තමා හමුවී පැවසූ බව…

ජනපතිට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව වහා විවාදයට ගැනීම වැඩි ඡන්දයෙන් ප්‍රතික්ෂේප වෙයි

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවා ජනාධිපතිට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව අද විවාදයට ගැනීම සම්බන්ධයෙන් අද පැවති  ඡන්ද විමසීමේ දී එම යෝජනාව පරාජයට පත් වී ය. දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම ඒ සුමතිරන් මහතා  ඉදිරිපත් කළ මෙම යෝජනාව පිළිබඳව ඡන්ද විමසීමේ දී  වැඩි ඡන්ද 51කින් පරාජයට පත්විය. එම යෝජනාවට පක්ෂව ඡන්ද 68 ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද…