රජයට එක්වෙන්න හරීන්ගේ, මනුෂගේ කොන්දේසිවලට රනිල්ගෙන් ප්‍රතිචාර
රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවට එක් වීම සඳහා හරීන් ප්‍රනාන්දු, මනුෂ නානායක්කාර මන්ත්‍රීවරුන් ඉදිරිපත් කොට ඇති කොන්දේසි සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිචාර දක්වා ලිපියක් යවා ඇත.
ඔවුන් දෙදෙනා ඉදිරිපත් කොට තිබු කොන්දේසි හතක් සම්බන්ධයෙන් තම ස්ථාවරය දැනුම් දී ඇති රනිල් වික්‍රමසිංහ මහතා ” නිර්පාක්ෂික රජයක් ” සඳහා එක්වන ලෙස ඔවුන් දෙදෙනාට ඇරයුම් කොට ඇත.


