තවත් ඇමතිවරු කීප දෙනෙක් හෙට දිව්රුම් දෙති ?
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අමාත්‍ය මණ්ඩලයේ තවත් ඇමතිවරුන් කිහිප දෙනකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ හෙට (19) දිවුරුම් දීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සදහන් කරන බව වාර්තා වෙයි.
ආණ්ඩුවෙන් ඉවත් වූ සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රී පිරිසක් මෙලෙස දිව්රුම් දෙනු ඇතැයි කියති.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් හය දෙනකු නව ආණ්ඩුවට සම්බන්ධ වීමට සුදානමින් සිටින අතර, ඉන් තිදෙනකුට ද කැබිනට් ඇමතිධුර හිමිවීමට නියමිතව ඇතැයිද වාර්තා වී ඇත.
ආණ්ඩුවෙන් මෑතකදී ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු සහ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු ද අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දීමට නියමිතව ඇතැයිවාර්තා වෙයි.
