අලුත් ඇමතිවරුන්ට ඇමැති වැටුප වරප්‍රසාද නෑ – අගමැති රනිල් පාර්ලිමේන්තුවේ දී කියයි

නව රජයේ අලුතෙන් පත්කරන ඇමැති මණ්ඩලයට ඇමැති වැටුප් ලබා නොගන්නා බවත් ඔවුන්ගේ වරප්‍රසාද අඩු කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඒ අතර දැනට වාර්තා වී ඇති අන්දමට එම අමාත්‍ය මණ්ඩලය අගමැතිවරයා ඇතුළුව විස්සකට සීමා කෙරෙනු ඇත. මෙම රනිල් වික්‍රමසිංහ රජයේ අමාත්‍යවරුන් කිසිවකුත් ඇමති වැටුප් හෝ අමතර වරප්‍රසාද නොලබා අමාත්‍ය ධුරවල කටයුතු කිරීමට එකඟතාවය පළ කර ඇති අතර අග්‍රාමාත්‍යවරයා කළ ඉල්ලීමට අනුකූලතාවය දක්වමින් අමාත්‍යවරුන් එම තීරණයට එළැඹ තිබේ.
පවතින විරෝධතා වාතාවරණය පහව යනතුරු අමාත්‍යවරුන්ට එක් පසු ගමන් රථයක් පමණක් පාවිච්චි කරන්නට අවසර දෙන බව අග්‍රාමාත්‍යවරයා දැනටමත් දැනුම් දී තිබේ. එමෙන්ම කිසිදු අමාත්‍යවරයෙක් සඳහා පෙර ගමන් රථ හෝ පෙර ගමන් පොලිස් රථ පාවිච්චි කිරීමට අවසර නොලැබෙන බවද අග්‍රාමාත්‍යවරයා දැනුම් දී ඇත. රටේ පවතින විරෝධතා සහිත වාතාවරණය පහව ගිය පසු පසුගමන් රථද නතර කිරීමට අග්‍රාමාත්‍යවරයා තීරණය කර තිබේ.
