ගෑස් බෙදීම ප්‍රමාද කිරීම ගැන ලිට්‍රෝ නිලධාරීන් කෝප් කමිටුවට කැඳවා ප්‍රශ්න කරන්න – අගමැති රනිල් කියයි

ගෑස් බෙදීම ප්‍රමාද කිරීම ගැන ලිට්‍රෝ සමාගමේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට ගෙන්වා ප්‍රශ්න කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේ දී අද ඉල්ලීමක් කළේය.

පෙරේදා ලැබුණු ගෑස් නැවේ ගෑස් ගොඩබෑම අයහපත් කාලගුණය නිසා අපහසු වීම නිසා නැව කොළඹ වරායට ගෙන්වා ලොරි මගින් ගෑස් ප්‍රවාහනයට තීරණය කොට ඇතත්, ඊයේ රාත්‍රී අට වනතෙක් ඒ සඳහා ලොරි යවා නොතිබූ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මේ අර්බුදකාරී අවස්ථාවේ සියලු දෙනා ම වෙහෙස වී වැඩ කරමින් මෙම කටයුතු ඉක්මන් කළ යුතු බව අගමැතිතුමා වැඩි දුරටත් කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *