225 ම එපා වුණේ බෙදී සිටි නිසා ; දැන්වත් එකතු වී වැඩ කරමු – හරීන් ප්‍රනාන්දු

ජනතාවට පාර්ලිමේන්තුවේ 225 දෙනා ම එපා වුණේ බෙදී ගහ ගැනීම නිසා බවත්, මෙම අර්බුදය හමුවේවත් එකතු වී වැඩ කිරීමට සියලු දෙනා එකඟ විය යුතු බවත්, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
අඩු තරමින් මාස තුනකටවත් සියලු දෙනා එකතු වී වැඩ කළ යුතු බව ඒ මහතා පැවසීය. එසේ නොකළ හොත් එය සියලුදෙනාගේ විනාශය වියහැකි බව ද මන්ත්‍රීවරයා වැඩි දුරටත් කී ය.
