සජබ හතරකට කැබිනට් ඇමති තනතුරු ?

රනිල් වික්‍රමසිංහ මහතාගේ කැබිනට් මණ්ඩලයේ ඇමති තනතුරු හතරක් සමගි ජන බලවේගයේ ප්‍රබලයින් හතර දෙනෙකුට ලැබීමට නියමිත බව තතු දත් දේශපාලන ආරංචි මාර්ග කියයි.
හරීන් ප්‍රනාන්දු , මනුෂ නානායක්කාර , පාටලී චම්පික රණවක සහ තවත් එක් ප්රබලයෙකු ඒ අතර වන බව කියති.
එමෙන් ම පසුව පත්කරනු ලබන රාජ්‍ය ඇමති තනතුරු කිහිපයක් සම්බන්ධයෙන් ද සාකච්ඡා සිදුවෙමින් පවතින බව දැනගන්නට ඇත.
කෙසේ වෙතත්, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කොට ඇත්තේ තමන් විපක්ෂයේ සිට ආණ්ඩුවට සහය දෙන නමුත් පක්ෂයේ කිසිවකුට ඇමති ධුර ලබා දුනහොත් තම සහය ඉවත්කර ගන්නා බවයි.
එසේ වුව ද රනිල් වික්‍රමසිංහ මහතාට මේ වනවිටත් බහුතරයේ සහය පළ වී ඇති තත්ත්වයක් තුළ සජිත්ගේ සහය එතරම් තීරණාත්මක නොවන බව එම පක්ෂයේ ම ප්‍රධානීන්ගේ මතය වී තිබේ.
