ජනපතිට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව වහා විවාදයට ගැනීම වැඩි ඡන්දයෙන් ප්‍රතික්ෂේප වෙයි

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවා ජනාධිපතිට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව අද විවාදයට ගැනීම සම්බන්ධයෙන් අද පැවති ඡන්ද විමසීමේ දී එම යෝජනාව පරාජයට පත් වී ය.
දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම ඒ සුමතිරන් මහතා ඉදිරිපත් කළ මෙම යෝජනාව පිළිබඳව ඡන්ද විමසීමේ දී වැඩි ඡන්ද 51කින් පරාජයට පත්විය.
එම යෝජනාවට පක්ෂව ඡන්ද 68 ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 119ක් ලැබී තිබේ.
එහි දී, ස්ථාවර නියෝග අත්හිටුවා එය විවාදයට ගත යුතු බවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් යෝජනා කළ අතර, එය ස්ථිර කළේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල විසිනි
කෙසේ වෙතත් ඊට රජය විරෝධය පළ කරන බව සභානායක දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කිරීමත් සමඟ ඒ සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීමට කථානායකවරයා පියවර ගත්තේ ය.
