නියෝජ්‍ය කථානායක ධූරය පොහොට්ටුවේ අජිත් රාජපක්ෂට

පාර්ලිමේන්තු නියෝජ්‍ය කථානායක ධුරය සඳහා අද (17) පැවැති ඡන්ද වීමසීමේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා ජයග්‍රහණය කර තිබෙයි
අජිත් රාජපක්ෂ මහතා ඡන්ද 109 ක් ලබාගත් අතර සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් කළ රෝහීණි කවිරත්න මන්ත්‍රීතුමිය ඡන්ද 78 ක් ලබා ගත්තේ ය. අවලංගු ඡන්ද 23 ක් වාර්තා විය
මේ අනුව වැඩි ඡන්ද 31 කින් මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා නියෝජ්‍ය කථානායක ලෙස තේරී පත් විය
