සජිත් කමිටු සභාපතිකම් ඉල්ලයි ; සජබට විතරක් බෑ – රනිල් කියයි

අගමැති රනිල්ගේ පාලනය යටතේ සක්‍රිය කර ක්‍රියාත්මක කිරීමට නියමිත පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභා සභාපති ධුර වැඩි ප්‍රමාණයක් තමන්ට ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීමක් කොට ඇති අතර එම තනතුරු සමගි ජන බලවේගයට පමණක් නොව දෙමළ ජාතික සන්ධානය සහ ජාතික ජන බලවේගයට ද ලැබෙන පරිදි බෙදී යා යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කොට ඇත.

මෙම අධීක්ෂණ කාරක සභා වෙත වැඩි වගකීමක් පවරමින්  පාර්ලිමේන්තුව ම එක ආණ්ඩුවක් ලෙස ක්‍රියාත්මක කිරීම රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ අරමුණ ලෙස ප්‍රකාශයට පත් වී තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ පාර්ලිමේන්තුවේ කතා කරමින් ඉල්ලා ඇත්තේ එම අධීක්ෂණ කාරක සභා වැඩි ගණනක සභාපති තනතුරු තමන්ට ලබා දෙන ලෙසයි.

එයට පිළිතුරු දෙමින් අගමැතිතුමා ප්‍රකාශ කළේ එම තනතුරු විපක්ෂයේ සියලු පක්ෂවලට ලැබෙන සේ බෙදී යා යුතු බව සහ තනතුරු ලබා දෙන්නේ කාට ද යන්න පක්ෂ නායක සාකච්ඡාවකින් තීරණය කළ යුතු බවත් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *