සුසිල්, නිමල්, හරීන්,මනුෂ, ටිරාන්, විජේදාස ඇතුළු ඇමැතිවරු නවයක් දිවුරුම් දෙති

 

නව අමාත්‍ය මණ්ඩලයේ අමතිවාරුන් ලෙස නිමල් සිරිපාල ද  සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත,හරීන් ප්‍රනන්දු , මනුෂ නානායක්කාර , ටිරාන් අලස් , විජේදාස රාජපක්ෂ ඇතුළු නව දෙනෙක් ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී මීට සුළු මොහොතකට පෙර දිව්රුම් දුන්හ .

ආණ්ඩුවට සම්බන්ධ වන වෙනත් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්වල ඇමතිවරුන් 9 දෙනකු මෙසේ දිවුරුම් දී තිබේ.

තවත් ඇමති පිරිසක් දිව්රුම් දීම පසුව සිදුවනු ඇතැයි වාර්තා වෙයි.

අද දිව්රුම් දුන් ඇමතිවරුන් මෙසේ ය.

  • නිමල් සිරිපාලද සිල්වා – වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය
  • සුසිල් ප්‍රේමජයන්ත – අධ්‍යාපන අමාත්‍ය
  •  කෙහෙලිය රඹුක්වැල්ල  – සෞඛ්‍ය   අමාත්‍ය
  • විජේදාස රාජපක්ෂ –  අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යස්ථා ප්‍රතිසංකරණ අමාත්‍ය
  • හරීන් ප්‍රනාන්දු -සංචාරක හා ඉඩම් අමාත්‍ය
  • වෙද්‍ය රමේෂ් පතිරණ – වැවිලි කර්මාන්ත අමාත්‍ය
  • මනුෂ නානයක්කාර – කම්කරු හා විදේශරැකියා අමාත්‍ය
  • නලින් ප්‍රනාන්දු – වෙළඳ,වානිජ හා ආහාර සුරකෂිතතා අමත්‍ය
  • ටිරාන් අලස්-  මහජන ආරක්ෂක අමාත්‍ය

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *