ජනාධිපති ලෙස රනිල් අද දිව්රුම් දෙයි ?

ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත අද ලැබීමට නියමිත බවත්, එය ලැබුණු විට වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස දිව්රුම් දෙනු ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අගමැතිවරයා වැඩ බලන ජනාධිපති ලෙස දිව්රුම් දිය යුතු ය. අගමැති නොමැතිනම් හෝ ඔහුට එය භාරගත නොහැකි…

ජනාධිපති රටින් පිටවෙයි

  ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා රටින් පිටව ගොස් ඇති බව සී එන් එන් පුවත් සේවය වාර්තා කොට ඇත. ඒ මහතා හමුදා ගුවන් යානයකින් මලේ බලා පිටව ගොස් තිබේ. ඒ එතුමාගේ පවුලේ සාමාජිකයින් ද සමග ය. ඊට පෙර ඒ මහතා කටුනායක ගුවන් තොටුපලින් පිටවීමට උත්සහ දරුව ද එම උත්සාහය අසාර්ථක වී ය. සී එන් එන් පුවත්…

ජනපති ගියොත් ඊළඟ ජනපති වත්මන් අගමැති – හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

  ජනපතිගේ ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් වූ පසුව ව්‍යවස්ථානුකූලව සිදු විය යුත්තේ අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ධුරයට පත්වීම යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතා පැවසීය. නමුත් ජනතාවගේත් අරගලයේ යෙදී සිටින අයගේත් පොදු මතය මතය වී ඇත්තේ අගමැති ඉවත් විය යුතු බව යැයි ද හිටපු ජනාධිපතිවරයා පැවසීය. “එතුමා ඉවත් වෙනවද කොහොමද කියන එක අප දන්නේ නැතැයි”මෛත්‍රීපාල සිරිසේන මහතා…

ජනපති ඇමෙරිකාවෙන් ඉල්ලූ වීසා ප්‍රතික්ෂේප වෙයි

  ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමෙරිකානු වීසා අයදුම්පත ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රතික්ෂේප කර ඇතැයි  හින්දු’ පුවත් පත වාර්තා කළේය. ද්විත්ව පුරවැසියකු වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ඇමෙරිකානු පුරවැසිභාවය අත්හල බව ‘ද හින්දු’ පුවත් පත ප්‍රකාශ කළේය. ඉකුත් සෙනසුරාදා පැවති දැවැන්ත විරෝධතාවයෙන් පසුව ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ…

ඉල්ලා අස්වීමේ ලිපියට ජනපති අත්සන් තබයි

ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා තම ඉල්ලා අස්වීමේ ලිපියට මේ වන විට අත්සන් තබා ඇති බව තතු දත් දේශපාලන අංශ වාර්තා කරයි. එම ලිපිය හෙට දිනය වන විට කතානායක තුමා වෙත යවනු ඇති බව සහ කතානායක තුමා එය ප්‍රකාශයට පත් කරනු ඇති බව එම වාර්තා කියයි. තමන් කලින් දැනුම් දුන් පරිදි ඉල්ලා අස්වන බව ජනාධිපතිතුමා නිල…

අගමැති මාධ්‍ය ඒකකයේ භාණ්ඩ සොරකම් කළයි අර්ගලකරුවන්ට එරෙහිව පොලිසියට පැමිණිලි

අරලියගහ මැදුරට ඇතුළු වී සිටින අරගලකරුවන් එහි අගමැති මාධ්‍ය ඒකකය සතුව තිබු භාණ්ඩ සොරකම් කොට ඇති බවට අගමැති මාධ්‍ය ඒකකය කොල්ලුපිටිය පොලිසියට පැමිණිලි කොට ඇති බව වාර්තා වෙයි. කැමරා, පරිගණක, සහ තවත් වටිනා භාණ්ඩ රාශියක් මෙලෙස සොරාගෙන ඇති බව කියති. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මැදුරේ පදිංචියට නොගියත්, එහි කොටසක අගමැති මාධ්‍ය ඒකකය දිගට ම…

ජනපති අගමැති මැදුරුවල භාණ්ඩ සොරකම් කරති ; දෙපළටත් හානි

අරගලකරුවන් විසින් අත්පත් කරගෙන සිටි ජනාධිපති මන්දිරයේ සහ අරලියගහ මන්දිරයේ තිබු වටිනා දේපල සහ කෞතුක භාණ්ඩ සොරකම් කොට ඇති බව වාර්තා වෙයි. එම මන්දිරවලට හානි කොට දේපළ සහ ලිපි ලේඛන ද විනාශ කොට ඇත. මේ පිලිබඳ වීඩියෝ දර්ශන සහ තොරතුරු සමාජ මාධ්‍ය මගින් හෙළිදරව් කොට තිබේ. අරගලයේ වත්මන් තත්ත්වය පිලිබඳ අතත්‍ය සාකච්ඡාවකට එක් වූ ඇතැම්…

අරගලකරුවන් අතර ප්‍රචණ්ඩ අරගල ; දහයක් රෝහලේ

කොළඹ අරලියගහ මන්දිරය අත්පත් කරගෙන සිටි අරගලකරුවන් දෙපිරිසක් අතර අද උදේ ඇති වූ ප්‍රචණ්ඩ ගැටුමකින් බරපතළ තුවාල ලැබූ හා දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව වාර්තා වෙයි. පසුව එයින් දෙදෙනකු රෝහලේන් පිටව ගොස් ඇති බව ද වාර්තා වෙයි. අරලිය ගහ මන්දිරයට ද අරගලකරුවන් විශාල ලෙස හානි කොට තිබේ.

අගමැතිකම නොවේ ; ජනාධිපතිකම සජිත්ට ඕනෑ – සජබ තීරණය කරයි

  ජනාධිපති ධුරය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නම යෝජනා කිරීමට සමගි ජන බලවේගය අද තීරණය කළේය. ඒ අනුව ඩලස් අලහප්පෙරුමා මහතාට ජනාධිපති ධුරය සහ සජිත් ප්‍රේමදාස මහතාට අගමැති ධුරය ලබා දීමට පක්ෂ නවයේ කණ්ඩායම ඉදිරිපත් කළ යෝජනාව සජබ විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත. සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිකිරීමේ උත්සාහයට ද මෙම මත ගැටුම බලපා…

ජනමතයට කන්දෙන්නේ ව්‍යවස්ථාව තුලින් – අගමැති රනිල් වික්‍රමසිංහ

තමන් සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට බවත් ජනමතයට කන් දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලින් බවත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද ප්‍රකාශ කළේය. ආණ්ඩුවට හෝ පාර්ලිමේන්තුවට පිටතින් සිට බලකිරීමට ඉඩ දිය නොහැකි බව ද ඒ මහතා කී ය. තමා අගමැති ධුරය භාරගත්තේ ජනතාව විශාල ප්‍රශ්නවලට මුහුණ දී සිටින නිසා ය. එම ප්‍රශ්න විසඳීමට වසරක…

ජනාධිපති ඩලස් , අගමැති සජිත් ; විපක්ෂ කණ්ඩායම් තීරණයක්

මීළඟ ආණ්ඩුවේ ජනාධිපති ලෙස ඩලස් අලහප්පෙරුම මහතා සහ අගමැති ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීමට විපක්ෂ කණ්ඩායම් තීරණය කොට ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි. මෙම තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා පක්ෂ අතර සාකච්ඡා දැන් සිදුවෙමින් පවතියි.

අගමැති රනිල්ගේ ගෙට ගිනි තිබ්බේ සජබ සෙට් එකක් – සමාජ මාධ්‍යය වීඩියෝ මගින් හෙළිකරයි

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවෙසට ගිනි තැබීම සිදුකොට ඇත්තේ විපක්ෂයේ සමගි ජන බලවේගයට සම්බන්ධ කණ්ඩායමක් බව සමාජ මාධ්‍යයේ පලකොට ඇති  වීඩියෝ මගින් හෙළිදරව් කොට තිබේ. සමගි ජන බලවේගයට සම්බන්ධ නායක මට්ටමේ පිරිසක් මේ අසල ගැවසෙමින් එය මෙහෙය වූ බවට ද වාර්තා පල වී තිබේ. මෙය අහම්භ සිදුවීමක් සංවිධානය කළ කුමන්ත්‍රණයක් බවට ද තොරතුරු හෙළිදරව්…