ජනමතයට කන්දෙන්නේ ව්‍යවස්ථාව තුලින් – අගමැති රනිල් වික්‍රමසිංහ

තමන් සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට බවත් ජනමතයට කන් දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලින් බවත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද ප්‍රකාශ කළේය.

ආණ්ඩුවට හෝ පාර්ලිමේන්තුවට පිටතින් සිට බලකිරීමට ඉඩ දිය නොහැකි බව ද ඒ මහතා කී ය.

තමා අගමැති ධුරය භාරගත්තේ ජනතාව විශාල ප්‍රශ්නවලට මුහුණ දී සිටින නිසා ය. එම ප්‍රශ්න විසඳීමට වසරක පමණ කාලයක් අවශ්‍යය.

ජනතාවගේ අත්‍යවශ්‍ය අවශ්‍යතා ලබා දීමට සහ ආර්ථික අර්බුදය විසඳීමට ගත ක්‍රියාමාර්ග ගණනාවක ඉදිරි පියවර ගැනීමට මෙම දින කිහිපයේ කටයුතු කළ යුතුව ඇත.

සර්ව පාක්ෂික ආණ්ඩුවකට බලය පවරා ඉවත්වීමට තමන් සුදානම් බව ප්‍රකාශ කළ ද සිරස මාධ්‍යය එය විකෘති කරමින් නැවත නැවත අසත්‍ය ප්‍රවෘත්ති පළ කළ බවත් එසේ නොකරන ලෙස තමා කිහිප වරක් ඉල්ලා සිටියත් ඔවුන් එය ම කල බවත් අගමැතිවරයා කියයි.

තමන්ගේ එකම නිවෙසත් ලොකුම දේපල වූ දුර්ලභ පොත් තිබු පුස්තකලයත් ගිනි තැබීම මෙහෙයවුයේ සිරස මාධ්‍ය ජලය බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියයි

අගමැතිතුමාගේ ප්‍රකාශය පහතින්

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *