අගමැතිකම නොවේ ; ජනාධිපතිකම සජිත්ට ඕනෑ – සජබ තීරණය කරයි

 

ජනාධිපති ධුරය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නම යෝජනා කිරීමට සමගි ජන බලවේගය අද තීරණය කළේය.

ඒ අනුව ඩලස් අලහප්පෙරුමා මහතාට ජනාධිපති ධුරය සහ සජිත් ප්‍රේමදාස මහතාට අගමැති ධුරය ලබා දීමට පක්ෂ නවයේ කණ්ඩායම ඉදිරිපත් කළ යෝජනාව සජබ විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිකිරීමේ උත්සාහයට ද මෙම මත ගැටුම බලපා ඇති බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *