ජනපති අගමැති මැදුරුවල භාණ්ඩ සොරකම් කරති ; දෙපළටත් හානි

අරගලකරුවන් විසින් අත්පත් කරගෙන සිටි ජනාධිපති මන්දිරයේ සහ අරලියගහ මන්දිරයේ තිබු වටිනා දේපල සහ කෞතුක භාණ්ඩ සොරකම් කොට ඇති බව වාර්තා වෙයි.

එම මන්දිරවලට හානි කොට දේපළ සහ ලිපි ලේඛන ද විනාශ කොට ඇත.

මේ පිලිබඳ වීඩියෝ දර්ශන සහ තොරතුරු සමාජ මාධ්‍ය මගින් හෙළිදරව් කොට තිබේ.

අරගලයේ වත්මන් තත්ත්වය පිලිබඳ අතත්‍ය සාකච්ඡාවකට එක් වූ ඇතැම් නායකයින් කීවේ වැරදි සිදුවන අයුරු දැක දැකත් ඒවා පාලනය කළ නොහැකි අසරණ තත්ත්වයකට තමන් ද පත්ව සිටින බවයි.

අරගලය තුළ විවිධ කණ්ඩායම් ක්‍රියාත්මක වීමත්, කිසිවකුට පැහැදිලි නායකත්වයක් නොවීමත් මෙම තත්ත්වයට හේතු වී ඇති බව කියති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *