අගමැති මාධ්‍ය ඒකකයේ භාණ්ඩ සොරකම් කළයි අර්ගලකරුවන්ට එරෙහිව පොලිසියට පැමිණිලි
අරලියගහ මැදුරට ඇතුළු වී සිටින අරගලකරුවන් එහි අගමැති මාධ්‍ය ඒකකය සතුව තිබු භාණ්ඩ සොරකම් කොට ඇති බවට අගමැති මාධ්‍ය ඒකකය කොල්ලුපිටිය පොලිසියට පැමිණිලි කොට ඇති බව වාර්තා වෙයි.
කැමරා, පරිගණක, සහ තවත් වටිනා භාණ්ඩ රාශියක් මෙලෙස සොරාගෙන ඇති බව කියති.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මැදුරේ පදිංචියට නොගියත්, එහි කොටසක අගමැති මාධ්‍ය ඒකකය දිගට ම ක්‍රියාත්මක වී යි.
එම භාණ්ඩ සහ කාර්යාලය පෙර සිටි මහින්ද රාජපක්ෂ අගමැතිවරයා යටතේ ද එම ස්ථානයේ පැවති බව කියති.
