ඉල්ලා අස්වීමේ ලිපියට ජනපති අත්සන් තබයි

ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා තම ඉල්ලා අස්වීමේ ලිපියට මේ වන විට අත්සන් තබා ඇති බව තතු දත් දේශපාලන අංශ වාර්තා කරයි.
එම ලිපිය හෙට දිනය වන විට කතානායක තුමා වෙත යවනු ඇති බව සහ කතානායක තුමා එය ප්‍රකාශයට පත් කරනු ඇති බව එම වාර්තා කියයි.
තමන් කලින් දැනුම් දුන් පරිදි ඉල්ලා අස්වන බව ජනාධිපතිතුමා නිල වශයෙන් දැනුම් දුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලය ඊයේ නිවේදනය කළේය.
