‘මම වැටුණත් රට වට්ටන්නේ නෑ’ – ජනාධිපති වික්‍රමසිංහ

මම වැටුනත් රට වට්ටන්නෙ නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.හෙතෙම එබව කියා සිටියේ, පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමිනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමග එළඹී එකගතා පිළිබඳ ලේඛනය ජනාධිපති වික්‍රමසිංහ එහිදී සභාගත කළේය. ” ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අරමුදල ණය පහසුකම යනු ගිනි පොලියට ගන්නා තවත් ණයක් බව අර්ථ දක්වන පිරිසක් ඉන්නවා. දේශපාලන වාසි…

රුපියල තවත් ඉහළට

  ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද තව දුරටත් ශක්තිමත් වී ඇති බව මහ බැංකු සහ වාණිජ බැංකු  වාර්තා පෙන්නුම් කරයි . මහ බැංකුවට අනුව අද දින ඩොලරයේ ගැනුම් මිල රුපියල් 312 .61 ක් සහ විකුණුම් මිල රුපියල් 331.16 ක් වශයෙන් සටහන් වී තිබේ. එමෙන් ම , මෙරට වාණිජ බැංකුවල විනිමය අනුපාත අනුව අද (22) දිනයේ…

අයි එම් එෆ් ගිවිසුම පාර්ලිමේන්තුවේ සභාගත කරයි ; විවාදයකින් පසු අනුමැතිය ඉල්ලයි

  ජාත්යන්තර මුල්‍ය අරමුදල සමග රජය ඇති කරගත් අවබෝධතා ගිවිසුම අද පාර්ලිමේන්තුවේ සභාගත කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අප්‍රේල් තුන්වන සතියේ ඒ පිළිබඳව විවාදයක් පවත්වා අනුමත කර දෙන ලෙස ඉල්ලා සිටියේ ය. ඉදිරි කටයුතු කළ හැකි වන්නේ පාර්ලිමේන්තු අනුමැතිය ලැබීමෙන් පසුව පමණක් බව ද ජනාධිපතිතුමා කී ය. අයි එම් එෆ් ගිවිසුම ගැන විශේෂ ප්‍රකාශයක් කරමින්…

හොරු අල්ලන්න ආනන්ද විජේපාල පත් කල බව ජනපති කියයි; ඔහු මාලිමා අපේක්‍ෂකයෙත්; අනුරගේ හිටපු පුද්ගලික ලේකම්

තමන් අග්‍රාමාත්‍ය ධුරය දරන ලද පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ වංචා දූෂණ සෙවීම සඳහා අනුර විජේපාල මහතා පත්කර සිටි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන එකගතා සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවට පැහැදිලි කරමින් ඔහු මෙම අදහස් පළ කළේය. ආනන්ද විජේපාල මහතා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා කෘෂිකර්ම අමාත්‍ය ධුරය දරමින්…

ලංවිම වෘත්තීය ක්‍රියාමාර්ගත් අවසන් කරයි

  ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ක්‍රියාත්මක කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගය අද අවසන් කළ බව එම සංගමය ප්‍රකාශ කරයි. වෘතිතීය සමිති 47 ක් විසින් පසුගියදා ප්‍රකාශයට පත්කොට තිබු අඛණ්ඩ වැඩ ර්වජනයට සමගාමීව ලංවිම ඉන්ජිනේටු සංගමය තම අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරය ආරම්භ කොට තිබිණි. අනෙක් සමිති වැඩ ර්වජනය අවසන් කළ ද ඉංජිනේරු සංගමය…

විශ්ව විද්‍යාල ආචාර් ය සම්මේලනය පසු බසී ; විභාග තියන්න තීරණය කරයි

බදු අඩු කරන තෙක් අඛණ්ඩ වර්ජනයක නිරත වන බව ප්‍රකාශ කොට තිබු විශ්ව විද්‍යාල ආචාර් ය සමිති සම්මේලනය සිසුන්ගේ විභාග පැවැත්වීමට අද තීරණය කළේය. කෙසේ වෙතත්, ඉගැන්වීමේ කටයුතු නොකරන බව එම සම්මේලනය කියයි. 22 දාට පෙර ජනාධිපතිතුමා සාකච්ඡාවක් ලබා දිය යුතු බව ආචාර් ය සමිති සම්මේලනය පසුගිය සතියේ රජයට නියම කොට තිබුණ ද ජනාධිපති රනිල්…

ජුනි මාසයට පෙර ආනයන සීමා ඉවතට

  ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුම අනුව මෙරට ආනයන සීමා කිරීම් ජුනි මාසය වන විට ක්‍රමානුකුලව ඉවත් කරනු ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ප්‍රකාශ කරයි. මෙරටට විස්තීර්ණ ණය අනුමත කිරීම දැනුම් දීම සඳහා නිව්යෝක් නුවර පැවති මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කොට තිබේ. අයි එම් එෆ් ණය ලැබීමත් සමග ආනයන…

පාර්ලිමේන්තුවෙන් අධිකරණයට ප්‍රහාරයක් ! සජිත් පෙරමුණ ගනියි !!

නීති විද්‍යාල විභාග ඉංග්‍රිසී භාෂාවෙන් පමණක් පැවැත්වීමට අදාළව, අග විනිසුරුතුමාගේ ප්‍රධානත්වයෙන් යුතු අධිකරණ නීති අධ්‍යාපන සභාවේ තීරණයක් මත නිකුත් කොට  තිබූ ගැසට් නිවේදනය අද (21)  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවක් මගින් පරාජයට පත් කරනු ලැබීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එයට ඡන්දයක් ඉල්ලා සිටි අතර දෙපාර්ශවයේ ම මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් ගැසට්ටුව පරාජය කරනු ලැබී ය. විපක්ෂයේ  චන්දිම…

ශ්‍රී ලංකාව තව දුරටත් බංකොලොත් රටක් නොවේ – ජනාධිපති

      ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් විස්තීරණ ණය පහසුකම අනුමත කිරීමත් සමඟ ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ශක්තියක් තිබෙන රටක් ලෙස ජාත්‍යන්තර සහතිකය ලැබී ඇති බැවින් තවදුරටත් ශ්‍රී ලංකාව බංකොලොත් රටක් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එම නිසා සාමාන්‍ය ගනුදෙනු ආරම්භ කිරීමේ හැකියාව මෙතැන් සිට ශ්‍රී ලංකාවට හිමි වන බව…

පළාත් පාලන ඡන්දය අනන්තයට කල් යනවා ; ඒක අපි හැමෝ ම දන්නවා – ඩලස් අලහප්පෙරුම

  පළාත් පාලන ඡන්දය අද හෙට නොපැවැත්වෙන බවත්, එය අනන්තයට කල් යන බවත්, එය දැන් අප සැම දන්නා දෙයක් බවත් , පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය . තම තනතුරුවලින් ඉල්ලා අස් වී මැතිවරණයට නාම යෝජනා බාර දී සිටින රජයේ සේවකයින්ට මුලික වැටුප හෝ ගෙවන ලෙස විපක්ෂයෙන් කළ ඉල්ලීමක දී කරුණු…

|

රනිල්ට ජනාධිපති තනතුරේ වසර දෙක ම ඉන්න ම වෙනවා – ජාජබ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්

  ජනාධිපති තනතුරට පත්ව සිටින රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි වසර දෙකේ ම එම තනතුර දරන්නට අනිවාර්යයෙන්  සිදුවන බව ජාතික ජන බලවේගයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ප්‍රකාශ කරයි. නොවැම්බර් මාසයෙන් පසුව ජනාධිපතිවරණයක් කැඳවීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රනිල් වික්‍රමසිංහ මහතාට නැති බව ඒ මහතා කියයි. විජිත හේරත් මහතා කියන්නේ ජනාධිපතිවරණයක් යලි කැඳවිය හැක්කේ…

පොලිස්පති අවුල දුරදිග යයි – ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ උණුසුම් තත්ත්වයක් !

මාර්තු 25 දා විශ්‍රාම යාමට නියමිත පොලිස්පති චන්දන වික්‍රමරත්නට එක් දිනකට හෝ සේවා දිගුවක් නොදෙන ලෙසට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපති වික්‍රමසිංහට දැඩි බලපෑමක් එල්ල කරමින් සිටින බව වාර්තාවේ. අද පස්වරුවේ පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේ දී, පොලිස්පති චන්දන වික්‍රමරත්නට සේවා දිගුවක් ලබාදීමට විරෝධය පළකර ඇත්තේ, ප්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ, මහින්දානන්ද අළුත්ගමගේ, චින්තක මායාදුන්නේ, සනත් නිශාන්ත,…