ලංවිම වෘත්තීය ක්‍රියාමාර්ගත් අවසන් කරයි

 

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ක්‍රියාත්මක කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගය අද අවසන් කළ බව එම සංගමය ප්‍රකාශ කරයි.

වෘතිතීය සමිති 47 ක් විසින් පසුගියදා ප්‍රකාශයට පත්කොට තිබු අඛණ්ඩ වැඩ ර්වජනයට සමගාමීව ලංවිම ඉන්ජිනේටු සංගමය තම අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරය ආරම්භ කොට තිබිණි.

අනෙක් සමිති වැඩ ර්වජනය අවසන් කළ ද ඉංජිනේරු සංගමය යොදාගත් පරිදි අද දක්වා වෘත්තීය ක්‍රියා මාර්ගය ඉදිරියට ගෙන ගියේය.

වෘත්තියවේදී සංවිධාන සමග අද පැවති සාකච්ඡාවකින් පසුව ඔවුන් තම වෘත්තීය ක්‍රියා මාර්ගය අවසන් බව ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *