විශ්ව විද්‍යාල ආචාර් ය සම්මේලනය පසු බසී ; විභාග තියන්න තීරණය කරයි

බදු අඩු කරන තෙක් අඛණ්ඩ වර්ජනයක නිරත වන බව ප්‍රකාශ කොට තිබු විශ්ව විද්‍යාල ආචාර් ය සමිති සම්මේලනය සිසුන්ගේ විභාග පැවැත්වීමට අද තීරණය කළේය.

කෙසේ වෙතත්, ඉගැන්වීමේ කටයුතු නොකරන බව එම සම්මේලනය කියයි.

22 දාට පෙර ජනාධිපතිතුමා සාකච්ඡාවක් ලබා දිය යුතු බව ආචාර් ය සමිති සම්මේලනය පසුගිය සතියේ රජයට නියම කොට තිබුණ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම නියමය ඉටු කොට නැත.

මේ අතර ඇතැම් විශ්ව විද්‍යාල ආචාර් යවරු ර්වජන ක්‍රියා මාර්ගයෙන් බැහැරව අධ්‍යාපන කටයුතු වල නිරතව සිටිති.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *