පාර්ලිමේන්තුවෙන් අධිකරණයට ප්‍රහාරයක් ! සජිත් පෙරමුණ ගනියි !!

නීති විද්‍යාල විභාග ඉංග්‍රිසී භාෂාවෙන් පමණක් පැවැත්වීමට අදාළව, අග විනිසුරුතුමාගේ ප්‍රධානත්වයෙන් යුතු අධිකරණ නීති අධ්‍යාපන සභාවේ තීරණයක් මත නිකුත් කොට තිබූ ගැසට් නිවේදනය අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවක් මගින් පරාජයට පත් කරනු ලැබීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එයට ඡන්දයක් ඉල්ලා සිටි අතර දෙපාර්ශවයේ ම මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් ගැසට්ටුව පරාජය කරනු ලැබී ය. විපක්ෂයේ චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා පමණක් ගැසට් නිවේදනයට පක්ෂව ඡන්දය දුන් අතර එයට එරෙහිව ඡන්ද 113 ක් ලැබී තිබිණි.
අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ සිටියේ නැත.
ශ්‍රී ලංකා නීති විද්‍යාල ප්‍රවේශය සඳහා පෙනී සිටීමට අවශ්‍ය අවම සුදුසුකම් සංශෝධනය කරමින් 2020 වසරේ දෙසැම්බර් 30 වන දින නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් විවාදාත්මක තත්ත්වයක් පාර්ලිමේන්තුවේ ඇති වී තිබිණි.
එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊට අදාළව ඡන්ද විමසීමක් ඉල්ලා සිටියේය.
ඒ අනුව ඡන්ද විමසීමක් කැඳවීමට කතානායකවරයා කටයුතු කරනු ලැබීය
මේ අනුව, අදාළ විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පැවැත්විය යුතු බවට එක් ඡන්දයක් හිමිවූ අතර, ඊට විරුද්ධ ඡන්ද 113 ක් හිමිවිය.
ආණ්ඩු පක්ෂය ප්‍රකාස කළේ මෙය අධිකරණ ඇමතිවරයාගේ හෝ ඇමති මණ්ඩලයේ හෝ තීරණයක් මත නිකුට් කළ ගැසට් නිවේදනයක් නොව අග විනිසුරු තුමා ප්රමුඛ අධිකරණ නීති අධ්‍යාපන සභාවේ තීරණයක් මත ඔවුන් විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් බව යි.
අධිකරණ සේවා පරිපාලනය නිකුත් කළ එම ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවේ දී පරාජයට පත කරනු ලැබ ඇත .
