|

රනිල්ට ජනාධිපති තනතුරේ වසර දෙක ම ඉන්න ම වෙනවා – ජාජබ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්

 

ජනාධිපති තනතුරට පත්ව සිටින රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි වසර දෙකේ ම එම තනතුර දරන්නට අනිවාර්යයෙන්  සිදුවන බව ජාතික ජන බලවේගයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ප්‍රකාශ කරයි.

නොවැම්බර් මාසයෙන් පසුව ජනාධිපතිවරණයක් කැඳවීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රනිල් වික්‍රමසිංහ මහතාට නැති බව ඒ මහතා කියයි.

විජිත හේරත් මහතා කියන්නේ ජනාධිපතිවරණයක් යලි කැඳවිය හැක්කේ 2024 නොවැම්බර් මාසයෙන් පසුව බව යි.

ඒ අනුව 2024 නොවැම්බර් දක්වා ජනාධිපති ධුරයේ අනිවාර්යයෙන් රැඳී සිටීමට රනිල් වික්‍රමසිංහ  මහතාට සිදුවනු ඇත. ඔහුට යලි ජනාධිපටිවරනයකට ඉදිරිපත් විය හැක්කේ 2024 නොවැම්බරයෙන් පසුව බව විජිත හේරත් මහතා කියයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *