පළාත් පාලන ඡන්දය අනන්තයට කල් යනවා ; ඒක අපි හැමෝ ම දන්නවා – ඩලස් අලහප්පෙරුම

 

පළාත් පාලන ඡන්දය අද හෙට නොපැවැත්වෙන බවත්, එය අනන්තයට කල් යන බවත්, එය දැන් අප සැම දන්නා දෙයක් බවත් , පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය .

තම තනතුරුවලින් ඉල්ලා අස් වී මැතිවරණයට නාම යෝජනා බාර දී සිටින රජයේ සේවකයින්ට මුලික වැටුප හෝ ගෙවන ලෙස විපක්ෂයෙන් කළ ඉල්ලීමක දී කරුණු දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

ඡන්දයක් නොපැවැත්වෙන බැවින් එම රජයේ සේවකයින්ට වැටුප් ගෙවීමට කටයුතු කරන ලෙස අලහප්පෙරුම මහතා රජයෙන් ඉල්ලා සිටියේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *