|

සිංගප්පුරු වෙළෙඳ ගිවිසුම කියවා නෑ – GMOA සභාපති අනුරුද්ධ පාදෙණිය ප්‍රසිද්ධ සභාවකදී පිළිගනියි

තමා ශ්‍රී ලංකා සිංගප්පුරු වෙළෙඳ ගිවිසුම කියව නැති බවත් එය කියෙව්වත් වෛද්‍යවරයකු වන තමාට එය තේරුම්ගත නොහැකි බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතා පිළිගෙන ඇත . වෘත්තීයවේදීන්ගේ සංගම් සංවිධානය විසින් සංවිධාන කරන ලද සම්මන්ත්රයකදී අනුරුද්ධ පාදෙණිය මහතා මෙම ප්‍රකාශය කළේ සභාවෙන් කල ප්‍රශ්න කිරීමකට පිළිතුරු වශයෙනි . ශ්‍රී ලංකා සිංගප්පුරු වෙළෙඳ ගිවිසුම සම්බන්දයෙන් පවතී මෙම කථිකාවට ප්‍රධාන කථිකයෙකු ලෙස සහභාගී වී සිටි පාදෙණිය මහතාට මෙම පිළිගැනීම සිදුකිරීමට සිදුව ඇත .

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ශ්‍රී ලංකා සිංගප්පුරු වෙළෙඳ ගිවිසුමට බරපතල විරෝධයක් දක්වන අතර රෝගී ජීවිත අනතුරේ හෙලමින් වැඩ වර්ජනයකද නිරත විය . මෙම විරෝධතා කරන්නේ ශ්‍රී ලංකා සිංගප්පුරු වෙළෙඳ ගිවිසුම කියවන්නේ වත් නැතිව බව මෙම සිදුවීමෙන් පැහැදිය . එය ගැන සම්මන්ත්‍රනයක ප්‍රධාන කථිකයකු ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරමින් අනුරුද්ධ පාදෙණිය මහතා සහභාගී වී ඇත්තේ ගිවිසුම කියවන්නේ වත් නැතිවය .

වෛද්‍යවරුන්ට වෙළඳ ගිවිසුම් කියව තේරුම් ගැනීමේ හැකියාව නැති බවද අනුරුද්ධ පාදෙණිය මහතාගේ ප්‍රකාශයෙන් පැහැදිලි වෙයි .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *