|

ඩයනා ලියාපදිංචි කළ සජබයත් නීත්‍යනුකුල නැතැයි ප්‍රශ්නයක්

සජිත් ප්‍රේමදාස කණ්ඩායම විසින් පසුව සමගි ජන බලවේගය ලෙස නම් කරන ලද සහ ඩයනා ගමගේ මහත්මිය විසින් ලියාපදිංචිය ලබාගෙන තිබු අපේ ජාතික පෙරමුණේ ලියාපදිංචිය නීත්‍යානුකූල නැති බවත්, එබැවින් සමගි ජන බලවේගයේ නීත්‍යනුකූලභාවය ද අභියෝගයට ලක්ව ඇති බවත්, දේශපාලන අංශවල කතාබහට ලක්ව ඇත.

අපේ ජාතික පෙරමුණ ලියාපදිංචි කොට තිබුණේ ඩයනා ගමගේ මහත්මිය විසිනි. ඇය එහි ප්‍රධන ලේකම් වශයෙන් ද කටයුතු කළා ය. දුරකථනය ඡන්ද ලකුණේ හිමිකම තිබුණේ එම පක්ෂයට යි.

එජාපය සමග ගැටුම් ඇතිවීමෙන් පසු සජිත් ප්‍රේමදාස කණ්ඩායම මෙම පක්ෂයේ අයිතිය ලබාගෙන එහි ප්‍රධාන ලේකම් ලෙස රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා පත්කළේ ය.

2020 මාර්තු 2 දා නෙලුම් පොකුණ රඟහලේ පැවති උත්සවයක දී නව පක්ෂය දොරට වැඩීම සිදුවිය.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ පුරවැසියකු හෝ ඡන්ද හිමිකම හෝ නැතැයි ශ්‍රේෂ්ටාධිකරණය තීරණය කළ ඩයනා ගමගේ මහත්මිය විසින් අපේ ජාතික පෙරමුණට ලබාගෙන තිබු ලියාපදිංචිය නීත්‍යනුකුල නැති බවට අධිකරණය ඉදිරියේ අභියෝග කළ හැකි බවත්, එසේ වුවහොත් එම පක්ෂයේ නම වෙනස් කර සැදු  සමගි ජන බලවේගය පක්ෂයේ නීත්‍යානුකූල බව ද අභියෝගයට ලක්වනු ඇති බවත්, කියති.

එසේ වුවහොත් එය බරපතළ දේශපාලන අර්බුදයක් වනු ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *