වත්මන් රජය රටේ ධනය 1,128,000,000,000 කින් ඉහළ දාලා ! ඊයේ වාර්තාවකුත් තියලා !!
වත්මන් රජය පසුගිය මාස දහ අටක කාලය තුළ රටේ මුදල් ප්‍රමාණය රුපියල් ට්‍රිලියනයකින් හෙවත් හරියටම කිව්වොත් රුපියල් 1,128,000,000,000 කින් ඉහළ දැමීමට සමත් වී තිබේ. එම හපන්කම ආංඩුව සිදුකොට ඇත්තේ දිගින් දිගට මුදල් අච්චු ගැසීම මගිනි.
ඊයේ දිනයේ පමණක් ආණ්ඩුව මුද්‍රණය කොට ඇති මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 208 කි. එනම් රුපියල් 208,000,000,000 කි. එය එක දිනක දී මුද්‍රණය කළ වැඩි ම මුදල් ප්‍රමාණය ලෙස නව වාර්තාවක් තැබීමකි.
මෙලෙස මුදල් අච්චු ගැසීම සිදු කරන්නේ රජයේ වියදම් සඳහා මුදල් ලබා ගැනීමට ය.
රජයට ලැබෙන ආදායමෙන් රජයේ සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවූ විට වෙනත් කටයුතු සඳහා මුදල් ඉතිරි නොවන බව බන්දුල ගුණවර්ධන ඇමතිවරයා පසුගිය දා ප්‍රකාශ කළේ ය.
