කොවිඩ් මරණ 3000 පනී; අදත් 45 ක් ; නව ආසාදිතයින් 1709 ක්

මෙරට නිල සංඛ්‍යා අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව අද 3,000 ඉක්මවා ගියේ ය.
අද වාර්තා කළ මරණ 45 ක් ද සමග මෙරටින් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව නිල වශයෙන් වාර්තා වන්නේ 3,030 ක් වශයෙනි.
නව කොවිඩ් ආසාදිතයින් 1709 ක් ද අද වාර්තා කොට තිබිණි.
ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින්ගේ සමස්ත සංඛ්‍යාව 257,217 ක් ලෙස නිල වාර්තාවල දැක්වෙයි.
