සැප්තැම්බර් , ඔක්තෝ­බර් වනවිට‍ ආර්ථිකය ස්ථාවරයි‍ – නිල මැදුර විවෘත කිරීමෙන් පසු අගමැති රනිල් කියයි

කෝටි පන්සිය හැටක වියදමින් ඉදිකෙරුණු ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට මහල් 21කින් හෙබි ගොඩනැගිල්ලක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් ඊයේ (25) විවෘත විය. අගමැතිවරයාගේ සංකල්පයක් හා දැක්මකට අනුව ඉදිවුණු නිල මැදුර විවෘත කිරීමෙන් පසු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසිඑක්වෙනි මහළට ගොස් අනාගත මහා නගරයක සිරි නරඹමින් නිරීක්ෂණයක යෙදුනි. අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා පළාත් පාලන…

පාස්කු 21 ප්‍රහාරය ගැන බුද්ධි අංශ තොරතුරු අනුව ක්‍රියා නොකළේ ඇයි දැයි පරීක්ෂණයක් කරනවා – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති

පාස්කු ඉරිදා තවුහිද් ජමාත් සංවිධානය විසින් එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරය අයි.එස්. අයි.එස්. සංවිධානය විසින් කළ කටයුත්තක් බවට තවම තොරතුරු තහවුරු වී නැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා පවසයි. ඒ මහතා එසේ ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ෂණය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින්ය. පාස්කු ප්‍රහාර සැලසුම් කළ බව…

වෛද්‍ය සාෆීට එල්ල කළේ ව්‍යාජ චෝදනා – සාෆීගේ බිරිය ඉමාරා ගෙන් පොලිස් මූලස්ථානයට පැමිණිලි

කුරුණෑගල ශීක්ෂණ රෝහලේ අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර මහතා සහ පොලීසිය විසින් වෛද්‍ය මොහොමඩ් සාෆිට විරුද්ධව ව්‍යාජ චෝදනා එල්ල කර ඇති බව සඳහන් කරමින් වෛද්‍ය සාෆිගේ බිරිඳ  වන ඉමාරා සාෆි විසින් ඊයේ පොලිස් මූලස්ථානයට පැමිණිලි දෙකක් ඉදිරිපත් කර තිබේ. CIB ii 182/108, CIB ii 187/109 යන අංක යටතේ මෙම පැමිණිලි ඉදිරිපත් කර තිබේ. කූට ලේඛන සකස් කිරීම, අධිකරණය…

මහේන්ද්‍රන්ට වරෙන්තු නිකුත් කිරීමට ත‍්‍රිපුද්ගල මහාධිකරණය නීතිපතිගෙන් දිවුරුම් ප්‍රකාශයක් ඉල්ලයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68කට අධික පාඩුවක් සිදුවන අන්දමින් මහා පරීමාණ වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් ඔහු චෝදනා ලැබ සිටින මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරීම සඳහා පදනම් වන කරුණු ඇත්නම් දිවුරුම් ප‍්‍රකාශ මඟින් අගොස්තු මස 09 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙස…

කුරුණෑගල රෝහලේ සිසේරියන් සැත්කම් 30,000ක් ගැන පරීක්ෂණ

සිසේරියන් සැත්කම් අතර වඳ සැත්කම් කළැයි මොහොමඩ් සහාබ්දීන් සාෆි වෛද්‍යවරයාට එල්ල වී ඇති චෝදනා ගැන නිගමනයකට ඒම සඳහා කුරුණෑගල රෝහලේ පසුගිය වසර පහක් තුළ සිදුකර ඇති සිසේරියන් සැත්කම් 30,000ක් ගැන පරීක්ෂා කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරයි. වෙහෙසක් වූ ද කාලයක් ගතවන්නා වූ ද ක්‍රියාවක් වුව ද නිවැරදි නිගමනයකට…

ගෝඨාභය රාජපක්ෂ හොරෙන්ම එයි

හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රජපක්ෂ මහතා සිංගප්පූරුවේදී විවෘත හදවත් සැත්කමකට භාජනය වීමෙන් පසුව එරට සති හයක් ගත කිරීමෙන් පසුව අද (24) උදේ රහසේම දිවයිනට පැමිණ ඇති බව වාර්තාවෙයි. ඔහුගේ පැමිණීම රහසක් වශයෙන් තබාගෙන ඇති අතර ඥාතීන්ට හැර කිසිවකුට දැනුම් දී නැත. මෙම ගමන රහසක් වශයෙන් තබාගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා සිංපුරුවේ සිට පැමිණෙන ගුවන් යානයකින්…

අගෝස්තු 5 වැනිදා පිහිටුවන ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණෙන් රටට නව ප්‍රතිපත්ති මාලාවක් – අගමැති රනිල් වික්‍රමසිංහ

ඉදිරි ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය සඳහා ශක්තිමත්ව මුහුණ දීම සඳහා වන ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ නව ප‍්‍රතිපත්ති මාලාවක් සහිතව අගෝස්තු පස් වැනිදා පිහිටුවන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අවිස්සාවේල්ලේදී අද (23) පැවැසීය. රටේ අනාගතය ගොඩනැගීම සඳහා නව ප‍්‍රතිපත්තියක් සහිතව දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන ඇතුලු බහුවිධ පාර්ශ්ව වල සහභාගීත්වයෙන් පිහිටුවන මෙම පුළුල් පෙරමුණට ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන  ඕනෑම පක්ෂයකට…

විදේශ වෛද්‍ය උපාධිධාරීන් ලියාපදිංචි කරන්න – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වෛද්‍ය සභාවට නියෝගයක්

විදෙස් රටවල පිළිගත් විශ්වවිද්‍යාලවලින් වෛද්‍ය උපාධිය ලබා ශ්‍රී ලංකා වෛද්‍ය සභා පනතෙහි 16 වැනි වගන්තිය යටතේ පැවැත්වුණු කඩඉම් විභාගය සමත් සියලු වෛද්‍ය උපාධිධාරීන් වෛද්‍ය වෘත්තිකයන් ලෙස ලියාපදිංචි කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (23) නියෝග කෙළේය. එම ලියාපදිංචි කිරීමේ කටයුතු දින 30ක් ඇතුළත කරන ලෙසද නියම කරන ලදී. එලෙස ලියාපදිංචි ‍නොකළහොත් එම උපාධිධාරීන්…

මහානායක හිමිවරු සජිත්ට බෑ කියති

තම ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට මහානායක හිමිවරුන්ගේ ආශිර්වාදය ලබාගැනීම සඳහා සජිත් ප්‍රේමදාස ඇමතිවරයා ඊයේ (22දා) මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන් බැහැදුටුවද සජිත්ට ආශ්ර්වාද කිරීම මහානායක හිමිවරුන් ප්‍රතික්ෂේප කොට ඇති බව වාර්තා වෙයි. මහ නායක හිමිවරුන් සජිත්ට ප්‍රකාශ කොට ඇත්තේ කළබල නොවී ඉවසීමෙන් කටයුතු කරන ලෙස හා මේ මොහොතේ පක්ෂය තුළ ගැටුම් අතිකර නොගන්නා ලෙසයි. මහානායක හිමිවරුන් හමුවීමෙන් පසු…

|

“එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” මගින් ව්‍යවසායකයින් 55000කට බිලියන 88ක් ණය දීලා

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩ සටහන යටතේ පසුගිය මාස කිහිපයේ දී ව්‍යවසායකයින් 55,000කට රුපියල් බිලියන 88ක ණය ලබා දී ඇති බව මුදල් නියෝජ්‍ය ඇමති එරාන් වික්‍රමරත්න මහතා ඊයේ පැවැති පුවත්පත් සාකච්ඡාවක දී ප්‍රකාශ කළේය. 2020 වනවිට නව ව්‍යවසායකයන් ලක්ෂයක් බිහිකිරීමේ ඉලක්කය ඇතිව ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙල මගින් මාස ගණනක් තුළ මෙම ප්‍රගතිය අත්කරගෙන ඇති බවද ඇමතිවරයා පෙන්වා…

කොලොන්නාවේ ශ්‍රී සුමංගල හිමියන් අත්අඩංගුවට ගැනීමට නියෝග කරයි

නීති විරෝධි ලෙස අලිපැටවකු ළඟ තබාගැනීම සහ අලිපැටවුන් විකිණීම සම්බන්ධයෙන් කොලොන්නාවේ  ශ්‍රී සුමංගල හිමියෝ ‍අද (23) දින අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලීසියට දැනුම් දී තිබේ. මීට අදාළ නඩු ගොනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නීතිපති උපදෙස් සඳහා යොමුකර තිබිණි. මේ වන විට සුමංගල හිමියෝ ශ්‍රී ජයවර්ධන පුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර බොහෝවිට එහිදී උන්වහන්සේ අත්අඩංගුවට…

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට සභාපතිවරු දෙදෙනෙක්

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස සංජීව විජේගුණවර්ධන මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පත්කිරීමට ජනමාධ්‍ය රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන මහතා කටයුතු කර තිබේ. ශ්‍රී ලංකා රූපවාහිනී සංසාථාවේ සභාපතිනි අධ්‍යක්ෂිකා ඉනෝකා සත්‍යාංගනී මහත්මියට ඉවත් වෙන ලෙස ඇමතිවරයා දැනුම් දී තිබුණ ද ඇය ඉල්ලා අස්නොවීම නිසා මේ වන විට එකම තනතුරට දෙදෙනෙකු සිටීමේ අර්බුදයක් මතුව ඇතැයි…