ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට සභාපතිවරු දෙදෙනෙක්
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස සංජීව විජේගුණවර්ධන මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පත්කිරීමට ජනමාධ්‍ය රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන මහතා කටයුතු කර තිබේ.
ශ්‍රී ලංකා රූපවාහිනී සංසාථාවේ සභාපතිනි අධ්‍යක්ෂිකා ඉනෝකා සත්‍යාංගනී මහත්මියට ඉවත් වෙන ලෙස ඇමතිවරයා දැනුම් දී තිබුණ ද ඇය ඉල්ලා අස්නොවීම නිසා මේ වන විට එකම තනතුරට දෙදෙනෙකු සිටීමේ අර්බුදයක් මතුව ඇතැයි වාර්තාවේ.
සභාපති ධුරයෙන් ඉවත් නොවන බව පවසමින් ඇය ධුරයේ තවදුරටත් රැඳී සිටින බව සංස්ථාවේ සේවකයෝ කියති.
මනෝජ්
