කොලොන්නාවේ ශ්‍රී සුමංගල හිමියන් අත්අඩංගුවට ගැනීමට නියෝග කරයි

නීති විරෝධි ලෙස අලිපැටවකු ළඟ තබාගැනීම සහ අලිපැටවුන් විකිණීම සම්බන්ධයෙන් කොලොන්නාවේ  ශ්‍රී සුමංගල හිමියෝ ‍අද (23) දින අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලීසියට දැනුම් දී තිබේ.

මීට අදාළ නඩු ගොනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නීතිපති උපදෙස් සඳහා යොමුකර තිබිණි. මේ වන විට සුමංගල හිමියෝ ශ්‍රී ජයවර්ධන පුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර බොහෝවිට එහිදී උන්වහන්සේ අත්අඩංගුවට ගැනීම සිදුවනු ඇත. මේ අතර නීතිපතිවරයාගේ තීරණය වෙනස් කර ගැනීම සඳහා බලපෑම් කිරීමට භික්ෂූන් වහන්සේලා පිරිසක් ජනාධිපතිවරයා මුණගැසීමට නියමිත යැයි ද වාර්තා වේ.

මනෝජ්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *