“එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” මගින් ව්‍යවසායකයින් 55000කට බිලියන 88ක් ණය දීලා
එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩ සටහන යටතේ පසුගිය මාස කිහිපයේ දී ව්‍යවසායකයින් 55,000කට රුපියල් බිලියන 88ක ණය ලබා දී ඇති බව මුදල් නියෝජ්‍ය ඇමති එරාන් වික්‍රමරත්න මහතා ඊයේ පැවැති පුවත්පත් සාකච්ඡාවක දී ප්‍රකාශ කළේය. 2020 වනවිට නව ව්‍යවසායකයන් ලක්ෂයක් බිහිකිරීමේ ඉලක්කය ඇතිව ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙල මගින් මාස ගණනක් තුළ මෙම ප්‍රගතිය අත්කරගෙන ඇති බවද ඇමතිවරයා පෙන්වා දුන්නේය.
එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය හෙට (24දා) අනුරාධපුරයේ දී ආරම්භ වෙයි. අනුරාධපුරයෙන් නව ව්‍යවසාකයන් ලෙස තරුණයන් 20,000ක් තෝරාගෙන ඇති බව ද ඔවුන් ද මෙම වැඩපිළිවෙල යටතේ ණය ලබා දී ශක්තිමත් කරන බව ද වික්‍රමරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
