කුරුණෑගල රෝහලේ සිසේරියන් සැත්කම් 30,000ක් ගැන පරීක්ෂණ

සිසේරියන් සැත්කම් අතර වඳ සැත්කම් කළැයි මොහොමඩ් සහාබ්දීන් සාෆි වෛද්‍යවරයාට එල්ල වී ඇති චෝදනා ගැන නිගමනයකට ඒම සඳහා කුරුණෑගල රෝහලේ පසුගිය වසර පහක් තුළ සිදුකර ඇති සිසේරියන් සැත්කම් 30,000ක් ගැන පරීක්ෂා කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරයි. වෙහෙසක් වූ ද කාලයක් ගතවන්නා වූ ද ක්‍රියාවක් වුව ද නිවැරදි නිගමනයකට පැමිණීමට නම් මෙම පරීක්ෂණ කළ යුතු බව ඒ මහතා කියයි. එක සමාන මෙම පරීක්ෂණය තුළ වෙනත් වෛද්‍යවරුන් කළ සිසේරියන් සැත්කම් වලින් පසුව ඇති වූ සංකූලතා හා වෛද්‍ය සාෆි කළ සැත්කම්වල සංකූලතා අතර විශාල වෙනසක් ඇත්ද යන්න සොයාබැලීම මෙහි අරමුණයි.

මෙම පරීක්ෂ සඳහා මාස කීපයක කාලයක් ගත වනුඇති බව වෛද්‍ය ජාසිංහ මහතා කියයි.

මේ අතර සාෆි වෛද්‍යවරයා කළ සැත්කමින් පසු මඳ සරු භාවයට පත් වු බව කියන මව්වරුන් කිසිවකු රජයේ රෝහල්වල සුදානම් කර තිබූ වෛද්‍ය පරීක්ෂ සඳහා ඉදිරිපත් වී නැත.

ඉහත කී වෛද්‍ය පරීක්ෂණ අනතුරුදායක බවට කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයා ප්‍රකාශකොට ඇතත් රජයේ හා පෞද්ගලික රෝහල් ගණනාවක් කළ එබඳු පරීක්ෂණ දස දහස් ගණනක තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව විසින් ලබාගෙන ඇති අතර එවැනි අනතුරුදායක බවක් එමගින් තහවුරු වී නැත. පරීක්ෂණයට ලක්කළ 10,000ක් අතර හතර දෙනකුට පමණ පරීක්ෂණ කරන මොහොතේ හුස්ම ගැනීමේ අපහසුතා ඇති වු බව වාර්තා වී ඇතත් පසුව එය මගහැරී ගොස් ඇත.

පරීක්ෂණ භයානක බව කියන්නේ එය මගහැරීම සඳහා බව මෙම තොරතුරුවලින් තහවුරු වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *