මහේන්ද්‍රන්ට වරෙන්තු නිකුත් කිරීමට ත‍්‍රිපුද්ගල මහාධිකරණය නීතිපතිගෙන් දිවුරුම් ප්‍රකාශයක් ඉල්ලයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68කට අධික පාඩුවක් සිදුවන අන්දමින් මහා පරීමාණ වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් ඔහු චෝදනා ලැබ සිටින මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරීම සඳහා පදනම් වන කරුණු ඇත්නම් දිවුරුම් ප‍්‍රකාශ මඟින් අගොස්තු මස 09 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙස පළමු ස්ථිර විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය නීතීපතිවරයාට ඊයේ  (24) දැනුම් දී තිබේ.

එමෙන්ම සිංගප්පුරු පුරවැසියකු වන මෙම නඩුවේ 10 වැනි විත්තිකාර අජහාන් ගාර්දිය පුංචිහේවා නමැත්තාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියම කරමින් සිතාසියක්ද නිකුත් කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68කට අධික පාඩුවක් සිදුවන අන්දමින් මහා පරීමාණ වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ශ‍්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තු නිකුත් කරන්නැයිද පුංචිහේවා නමැත්තාට සිතාසි නිකුත් කරන්නැයිද නීතීපතිවරයා කළ ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ප‍්‍රකාශයට පත් කරමින් සම්පත් විජේරත්න (සභාපති විනිසුරු) සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් විනිසුරු මඩුල්ල එලෙස නියම කර තිබේ.

මෙම නඩුව සඳහා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය මීට පෙර නඩු වාරයේදී නිකුත් කොට තිබු සිතාසිවලට අනුව මෙම නඩුවේ විත්තිකරුවන් දසදෙනාගෙන් හත්දෙනෙකු අද අධිකරණයේ පෙනී සිට ඇත.

මෙමහි සෙසු චූදිතයන් වන්නේ මහා බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයකු වන පත්තිනිගේ සමරසිරි, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම, එහි අධ්‍යක්‍ෂ අර්ජුන් ජෝශප් ඇලෝසියස්, එහි ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් ඕෂධී පළිසේන, එහි සභාපති ජෙෆ්රි ජෝශප් ඇලෝසියස්, එම සමාගමේ සේවකයින් වන පුෂ්පමිත‍්‍ර ගුණවර්ධන, චිත‍්‍රා රංජන් හුලුගල්ල, මුත්තුරාජා සුරේන්ද්‍රන් යන අයයි.

Lankatruth

Leave a Reply

Your email address will not be published. Required fields are marked *