වෛද්‍ය සාෆීට එල්ල කළේ ව්‍යාජ චෝදනා – සාෆීගේ බිරිය ඉමාරා ගෙන් පොලිස් මූලස්ථානයට පැමිණිලි

කුරුණෑගල ශීක්ෂණ රෝහලේ අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර මහතා සහ පොලීසිය විසින් වෛද්‍ය මොහොමඩ් සාෆිට විරුද්ධව ව්‍යාජ චෝදනා එල්ල කර ඇති බව සඳහන් කරමින් වෛද්‍ය සාෆිගේ බිරිඳ  වන ඉමාරා සාෆි විසින් ඊයේ පොලිස් මූලස්ථානයට පැමිණිලි දෙකක් ඉදිරිපත් කර තිබේ. CIB ii 182/108, CIB ii 187/109 යන අංක යටතේ මෙම පැමිණිලි ඉදිරිපත් කර තිබේ.

කූට ලේඛන සකස් කිරීම, අධිකරණය නොමග යවනසුලු බොරු තොරතුරු ලබාදීම යන කාරණා සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදු කරන ලෙස ඉන් එක පැමිණිල්ලකින් ඉල්ලා ඇත.

කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, කුරුණෑගල කොට්ඨාස භාර පොලිස් අධිකාරි මහේෂ් දිසානායක, කුරුණෑගලල අපරාධ විමර්ශන අංශයේ පොලිස් ස්ථානාධිපතිවරයා යන නිලධාරින් විසින් වෛද්‍ය සාෆීට විරුද්ධව බොරු පැමිණිලි නවයක් ඉදිරිපත් කරමින් කූට ලේඛන සකස් කරීමේ චෝදනාව යටතේ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අනෙක් පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *