විදේශ වෛද්‍ය උපාධිධාරීන් ලියාපදිංචි කරන්න – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වෛද්‍ය සභාවට නියෝගයක්
විදෙස් රටවල පිළිගත් විශ්වවිද්‍යාලවලින් වෛද්‍ය උපාධිය ලබා ශ්‍රී ලංකා වෛද්‍ය සභා පනතෙහි 16 වැනි වගන්තිය යටතේ පැවැත්වුණු කඩඉම් විභාගය සමත් සියලු වෛද්‍ය උපාධිධාරීන් වෛද්‍ය වෘත්තිකයන් ලෙස ලියාපදිංචි කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (23) නියෝග කෙළේය.
එම ලියාපදිංචි කිරීමේ කටයුතු දින 30ක් ඇතුළත කරන ලෙසද නියම කරන ලදී. එලෙස ලියාපදිංචි නොකළහොත් එම උපාධිධාරීන් ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ටාර්වරයාට නියම කෙරිණි.
වෛද්‍ය වෘත්තිකයින් ලෙස තමන් ලියාපදිංචි නොකිරීමට එරෙහිව විදෙස් වෛද්‍ය උපාධිධාරීන් පිරිසක් ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කර එහි තීන්දුව ලබා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය කෙළේය. එල්.ටී.බී. දෙහිදෙණිය, ප්‍රසන්න ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසින් මෙම නියෝගය ලබාදී තිබේ. එම්.එන්. ෂාබ්ඩීන් ඇතුළු විදෙස් විශ්වවිද්‍යාල වෛද්‍ය උපාධිධාරීන් පහළොස් දෙනකු මෙම පෙත්සම ගොනු කර තිබුණි. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, එහි සභාපතිවරයා, එහි සාමාජිකයන්, නීතිපතිවරයා ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවෝ වූහ.
තමන් විදෙස් රටවල විශ්වවිද්‍යාලවල වෛද්‍ය උපාධිය ලබා සිටින බවත් ශ්‍රී ලංකා වෛද්‍ය පනතෙහි 16 වන වගන්තිය අනුව පවත්වන කඩඉම් විභාගය සමත්ව ඇති නමුත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තමන් ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කැර ඇති බව පෙත්සම්කරුවන් පැමිණිලි කැර තිබුණි.
මෙම පෙත්සම විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත්තේ මෙම පෙත්සම්කරුවන් ලියාපදිංචි නොකිරීම මඟින් වගඋත්තරකරුවන් මූලික අයිතීන් උල්ලංඝනය කැර ඇති බවය. ඒ අනුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පිළිගත් විදෙස් විශ්වවිද්‍යාල වල උපාධිය ලබා වෛද්‍ය වෘත්තියේ කඩඉම් විභාගය සමත් වෛද්‍ය උපාධිධාරීන් වෛද්‍ය උපාධිධාරීන් ලෙස ලියාපදිංචි කරන ලෙස නියම කෙරිණි. ජනාධිපති නීතිඥ රොමෙෂ් ද සිල්වා මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි අතර රජයේ නීතිඥ සුරේන් ඥානරාජා මහතා වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.
නෙල්කා මැදගෙදර
දිනමිණ
