ගෝඨාභය රාජපක්ෂ හොරෙන්ම එයි
හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රජපක්ෂ මහතා සිංගප්පූරුවේදී විවෘත හදවත් සැත්කමකට භාජනය වීමෙන් පසුව එරට සති හයක් ගත කිරීමෙන් පසුව අද (24) උදේ රහසේම දිවයිනට පැමිණ ඇති බව වාර්තාවෙයි. ඔහුගේ පැමිණීම රහසක් වශයෙන් තබාගෙන ඇති අතර ඥාතීන්ට හැර කිසිවකුට දැනුම් දී නැත.
මෙම ගමන රහසක් වශයෙන් තබාගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා සිංපුරුවේ සිට පැමිණෙන ගුවන් යානයකින් නොපැමිණ මැලේසියාවට ගොස් එහි සිට පැමිණෙන ගුවන් යානයකින් කටුනායකට පැමිණි බව අපගේ ආරංචි මාර්ග කියයයි.
වෛද්‍ය ප්‍රතිකර සඳහා රටින් පිට වී සිටීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට අධිකරණයෙන් දී තිබු අවසරය අදින් අවසන් විය. අද උදෑසන ඒ මහතා මෙරටට පැමිණියේ එම අධිකරණ නියෝගයට අනුවය.
ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් අයථා පරිහරණය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට එරෙහිව පවරා ඇති නඩුව මෙම 26 සිකුරාදා සිට විශේෂ මහාධිකරණයේ එකදිගට විභාගයට ගැනීමට නියමිතය.
