මහානායක හිමිවරු සජිත්ට බෑ කියති
තම ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට මහානායක හිමිවරුන්ගේ ආශිර්වාදය ලබාගැනීම සඳහා සජිත් ප්‍රේමදාස ඇමතිවරයා ඊයේ (22දා) මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන් බැහැදුටුවද සජිත්ට ආශ්ර්වාද කිරීම මහානායක හිමිවරුන් ප්‍රතික්ෂේප කොට ඇති බව වාර්තා වෙයි.
මහ නායක හිමිවරුන් සජිත්ට ප්‍රකාශ කොට ඇත්තේ කළබල නොවී ඉවසීමෙන් කටයුතු කරන ලෙස හා මේ මොහොතේ පක්ෂය තුළ ගැටුම් අතිකර නොගන්නා ලෙසයි.
මහානායක හිමිවරුන් හමුවීමෙන් පසු මාධ්‍යවේදීන් හමු වූ අවස්ථාවේ දී සජිත් ප්‍රේමදාස මහතා තරමක කේන්තියෙන් සිටි බව පෙනී ගිය අතර මාධ්‍යවේදීන්ට ඒ මහතා ප්‍රකාශ කළේ කවුරුන් කීවත් තමන් පෙරට තැබූ අඩිය පසුපසට නොතබන බවයි.
මේ අතර එජාප ආරංචි මාර්ග කියන්නේ සජිත් ප්‍රේමදාස මහතාට ජනධිපති අපේක්ෂකත්වය ලබාදීමට විශාල වෙහෙසක් දරන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා ඔහුගේ උපදෙස් මත ක්‍රියාකරන ශිරාල් ලක්තිලක, මෛත්‍රි ගුණරත්න ඇතුළු කණ්ඩායමක් බවයි. සජිත් ජනාධිපති අපේක්ෂකයා වුවහොත් තම කණ්ඩායමේ සහය ලබාදෙන බවට ජනාධිපතිගේ පිරිස පෙරොන්දු වීම නිසා සජිත්ගේ බලාපොරොත්තු අලුත් වී ඇතැයි කියති. එසේ වුව ද ජනාධිපතිවරණයට පෙර ශ්‍රී ලං.නි.ප. ය කණ්ඩායම් කීපයකට කැඩී යන ලකුණු මතුවී ඇති අතර සිරිසේන මහතා සමඟ ඉතිරි වන්නේ ඉතා සුළු පිරිසක් බව පෙනෙන්නට තිබේ. වැඩි පිරිසක් පොහොට්ටුවටත්, තවත් පිරිසක් එජාප පෙරමුණටත් එකතුවනු ඇතැයි කියති. ජනාධිපතිවරණ ප්‍රතිඵලය තීරණය කිරීමට ජනාධිපති සමඟ ඉතිරිවන කණ්ඩායමට බලයක් ඉතිරි නොවනු ඇතැයි කියති.
