බැසිල්ගේ ඉන්දියා ගමන කල් යයි

මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා සති අන්තයේ ඉන්දියාවේ සංචාරයක යෙදීමට කලින් කර තිබු සැලසුම් කල් දමා ඇති බව වාර්තා වෙයි. ඉන්දියානු ණය සම්බන්ධ ගිවිසුම අත්සන් තැබීම ගැන අවසන්තීරන ගැනීමත්, එරට විදේශ ඇමති සහ මුදල් ඇමතිවරුන් හමුවීමටත් මුදල් ඇමතිවරයා සති අන්තයේ ඉන්දියාවට යෑමට නියමිතව තිබිණි. එම ගමන කල් දමා ඇති අතර ඒ සඳහා වෙනත් දින නියම…

යුක්රේනුවන් රට රකින්න මාරාන්තික සටනක

  රුසියානු හමුදා කියෙව් නගරය වට කර තිබුණත් යුක්රේන හමුදාව තම ජනතාව සමග එකතු වී කියෙව් අගනුවර සාර්ථකව ආරක්ෂා කරගෙන සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කියයි. රුසියානු හමුදාවන්ට අවශ්‍ය සැපයුම් ලබාදීමේදී මතු වී ඇති ගැටළු හේතුවෙන් තවමත් කියෙව් නගරයේ පාලනය ලබා ගැනීමට රුසියානු හමුදාවන් අපොහොසත් වී ඇතැයි එම මාධ්‍ය වාර්තා කියයි පවසයි. ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි…

අද කොවිඩ් මරණ 24 ක් , නව ආසාදිතයින් 988 ක් වාර්තා වෙයි.

අද දිනය තුල කොවිඩ් ආසාදිතමරණ 24 ක් තහවුරු කළ බවත් නව ආසාදිතයින්න් 988 ක් හඳුනාගත් බවත සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිකුත් කළ නිවේදන මගින් දැක්වෙයි. ඒඅනුව මෙතෙක් මෙරටින් වරත වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව නිල වශයෙන් සටහන් වන්නේ 16,166 ක් වශයෙනි මෙරටින් හමු වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව මේ වන විට සටහන් වන්නේ 644,060…

ආණ්ඩුවේ හවුල්කරුවෝ වෙන ම පෙරමුණකින් එලියට එති

ආණ්ඩුවේ හවුල්කාර කුඩා පක්ෂ වෙනම පෙරමුණක් ලෙස කල එලි බැසීම ලබන බදාදා සිදු කිරීමට නියමිත බව වාර්තා වෙයි. කෝට්ටේ මොනාක ඉම්පීරියල් ශාලාවේ පවත්වන රැස්වීමක දේ ඔවුන්ගේ නව වැඩ පිළිවෙල එලි දැක්වීමට නියමිත ය. ඒ අනුව ආණ්ඩුව නියෝජනය කරන ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ජාතික නිදහස්…

අයි ඕ සී තෙල් මිල නංවයි

අයි ඕ සී සමාගමේ තෙල් මිල යලිත් වතාවක් ඉහල දමා තිබේ. සියලු වර්ගවල පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින් ද , ඩීසල් ලීටරයක මිල  රුපියල් 15 වන පරිදි මෙමතෙල් මිල උඉහල නැංවීම ක්‍රියාත්මක කොට ඇත. ඒ අනුව පෙට්‍රල් ලීටරයක් රුපියල් 204 ක් දක්වාත්, ඩීසල් ලීටරයක් රුපියල් 139 ක් දක්වාත් මිල නියම වී ඇති බව වාර්තා…

ජනාධිපති කිරි මිල වැඩි කරයි

කිරි ලීටරයක් සඳහා ගෙවන මිල රුපියල් සියය දක්වා වැඩි කරන ලෙස ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා මිල්කෝ ආයතනයට අද උපදෙස් දුන්නේ ය. මිල්කෝ ආයතනයේ අද කළ නිරීක්ෂණ චාරිකාවක දී ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දී තිබේ. මේ වනවිට ගොවීන්ට ගෙවන මිල රුපියල් 70 ක් 80 ක් පමණ වන බවත්, අතරමැදියන් මගින් කරන මිල දී ගැනීම් නිසා මිලෙහි…

අද කොවිඩ් වාර්තා; මරණ 26 යි ;නව ආසාදිතයින් 1286 යි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද නිකුත් කළ නිවේදන අනුව දිනය තුළ තහවුරු කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 26 ක් වන අතර හඳුනාගත් නව ආසාදිත සංඛ්‍යාව 1286 කි. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 16,142 ක් වෙයි. මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 643,072 ක් වශයෙනි.

ඉන්ධන, විදුලි අර්බුද මැද ජනාධිපති මිල්කෝ ආයතනය නිරීක්ෂණය කරයි

රටේ ඉන්ධන සහ විදුලිය අර්බුදයට විසම්දුම් නොමැතිව උත්සන්න වෙමින් තිබිය දී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා නාරාහේන්පිට පිහිටි මිල්කෝ සමාගමේ කර්මාන්ත ශාලාවේ අද (25) නිරීක්‍ෂණ චාරිකාවක නිරත වී ඇති බව වාර්තා වෙයි. එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා එම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන ක්‍රියාවලිය සහ එහි ප්‍රමිතිය පිළිබඳව නිරීක්‍ෂණය කොට තිබේ. ජනාධිපතිවරයා කර්මාන්ත ශාලාව නිරීක්‍ෂණය කිරීමෙන් පසුව දේශීය…

ටයිල් දෙන්නේ කොමෝඩ් ගත්තොත් විතරයි ; ධම්මික පෙරේරාගේ සමාගම් පාරිභෝගිකයන්ට කොන්දේසි දමයි

තම ආයතනයෙන් ටයිල් ලබා ගැනීමට නම් තමන්ගේ කොමෝඩ් මිල දී ගත යුතු බවට ව්‍යාපාරික ධම්මික පෙරේරාට අයත් ප්‍රමුඛ පෙලේ ටයිල් නිෂ්පාදන සමාගම් පාරිභෝගිකයන්ට කොන්දේසි පනවා ඇති බව වාර්තා වෙයි. මේ වනවිට රජය ටයිල් ආනයනය තහනම් කොට ඇති අතර ටයිල් නිෂ්පාදනයේ ඒකාධිකාරය ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා විසින් හිමි කරගෙන ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ ටයිල් නිෂ්පාදන…

දින දහයකට පෙට්‍රල්, දින අටකට ඩීසල් තිබෙනවා – බලශක්ති ඇමති උදය ගම්මන්පිල

පෙට්‍රල් 92 දින දහයකටත් පෙට්‍රල් 95 දින හතළිහකටත් . ලංකා ඔටෝ ඩීසල් දින අටකටත් සුපර් ඩීසල් දින අටකටත් මේ මොහොතේ තොග පවතින බවත්, ඉදිරියේදී තොග ලැබීමට නියමිත බවත්,බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය. ඒ් මහතා මේ බව සදහන් කර සිටියේ පාර්ලිමේන්තුවේ දී (24) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමිණි. බලශක්ති…

පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය කඩිනමින්

  නව ඡන්ද ක්‍රමයක් ඇති කරන තුරු පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණ කඩිනමින් පැවැත්විය යුතු යැයි මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත්කෙරුණු  පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාවෙන් නිර්දේශ කිරීමට එම කාරක සභාවේ එකඟත්වය හිමිවූ බව එහි සභාපති සභානායක  දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. සියලු ඡන්ද විමසීම්වලදී කොට්ඨාශ (කේවළ) ක්‍රමයට සියයට  60 ක් සහ  අනුපාතික ක්‍රමයට සියයට  40ක්…

අද කොවිඩ් මරණ 30 ක් නව ආසාදිතයින් 1208 ක් වාර්තා වෙයි

අද දිනය තුළ කොවිඩ් මරණ 30 ක් තහවුරු කළ බවත්, නව ආසාදිතයින් 1208 ක් හඳුනාගත් බවත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද නිකුත් කළ නිවේදන මගින් තහවුරු කොට තිබේ. ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 16,116 ක් ලෙස සටහන් වෙයි. මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව මේ වන විට…