බැසිල්ගේ ඉන්දියා ගමන කල් යයි

මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා සති අන්තයේ ඉන්දියාවේ සංචාරයක යෙදීමට කලින් කර තිබු සැලසුම් කල් දමා ඇති බව වාර්තා වෙයි.
ඉන්දියානු ණය සම්බන්ධ ගිවිසුම අත්සන් තැබීම ගැන අවසන්තීරන ගැනීමත්, එරට විදේශ ඇමති සහ මුදල් ඇමතිවරුන් හමුවීමටත් මුදල් ඇමතිවරයා සති අන්තයේ ඉන්දියාවට යෑමට නියමිතව තිබිණි.
එම ගමන කල් දමා ඇති අතර ඒ සඳහා වෙනත් දින නියම කිරීම පසුව සිදුවනු ඇති කියති.
ණය ලබා දීමේ දී ඉන්දියාව ඉදිරිපත් කොට ඇති කොන්දේසි ගැන මෙම ගමනේ දී අවසන් තීරණ ගැනීමට නියමිතව ඇති බව කියති.
