ඉන්ධන, විදුලි අර්බුද මැද ජනාධිපති මිල්කෝ ආයතනය නිරීක්ෂණය කරයි

රටේ ඉන්ධන සහ විදුලිය අර්බුදයට විසම්දුම් නොමැතිව උත්සන්න වෙමින් තිබිය දී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා නාරාහේන්පිට පිහිටි මිල්කෝ සමාගමේ කර්මාන්ත ශාලාවේ අද (25) නිරීක්‍ෂණ චාරිකාවක නිරත වී ඇති බව වාර්තා වෙයි.

එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා එම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන ක්‍රියාවලිය සහ එහි ප්‍රමිතිය පිළිබඳව නිරීක්‍ෂණය කොට තිබේ.

ජනාධිපතිවරයා කර්මාන්ත ශාලාව නිරීක්‍ෂණය කිරීමෙන් පසුව දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැවීමට උපදෙස් දුන් බව වාර්තා වෙයි.

මේ අවස්ථාවට මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා මහතා ඇතුළු පිරිසක් ද සහභාගි වී තිබේ.

මිල්කෝ සමාගම ලැබ ලබන තත්ත්වයට පත් කළ සභාපතිවරයා ඉවත් කොට නව සභාපති පත් කරන ලද්දේ මතක් දී ය.

ජනාධිපතිතුමා ඊයේ රත්මලානේ දුම්රිය කර්මාන්ත ශාලාව නිරීක්ෂණය කළේ ය.

ජනාධිපත්තුමාගේ මෙම සංචාර පිලිබඳ වාර්තා පලවන අතර රටේ පැය පහක විදුලි කැපීමක් ක්‍රියාත්මක වෙමින් පවතියි.

ඉන්ධන හිගයක් පවතින අතර රට පුර ඉන්ධන පිරවුම් හල අතර ඉන්ධන සඳහා පෝලිම් පවතින අයුරු ද වාර්තා වෙයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *