ටයිල් දෙන්නේ කොමෝඩ් ගත්තොත් විතරයි ; ධම්මික පෙරේරාගේ සමාගම් පාරිභෝගිකයන්ට කොන්දේසි දමයි

තම ආයතනයෙන් ටයිල් ලබා ගැනීමට නම් තමන්ගේ කොමෝඩ් මිල දී ගත යුතු බවට ව්‍යාපාරික ධම්මික පෙරේරාට අයත් ප්‍රමුඛ පෙලේ ටයිල් නිෂ්පාදන සමාගම් පාරිභෝගිකයන්ට කොන්දේසි පනවා ඇති බව වාර්තා වෙයි.

මේ වනවිට රජය ටයිල් ආනයනය තහනම් කොට ඇති අතර ටයිල් නිෂ්පාදනයේ ඒකාධිකාරය ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා විසින් හිමි කරගෙන ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ ටයිල් නිෂ්පාදන සමාගම් මිලට ගැනීම මගින් ධම්මික පෙරේරා මහතා මෙම ඒකාධිකාරය ගොඩ නගාගෙන ඇත්තේ වත්මන් රජයේ පුර්ණ අනුග්‍රහය ලබමිනි.

එම ව්‍යපරයට අනුග්‍රහයක් ලෙස ටයිල් ආනයනය නතර කොට ඇති අතර ඒ සමග ටයිල් මිල විශාල ලෙස ඉහල ගොස් තිබේ.

ඒ සමග ටයිල් හිගයක් ද පවතියි.

ටයිල් ලබා ගැනීමට කොමෝඩ් මිල දී ගත යුතු බවට ධම්මික පෙරේරාට අයත් සමාගම් කොන්දේසි පනවා ඇත්තේ එම තත්ත්වය උපයෝගී කොටගෙන ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *