දින දහයකට පෙට්‍රල්, දින අටකට ඩීසල් තිබෙනවා – බලශක්ති ඇමති උදය ගම්මන්පිල

පෙට්‍රල් 92 දින දහයකටත් පෙට්‍රල් 95 දින හතළිහකටත් . ලංකා ඔටෝ ඩීසල් දින අටකටත් සුපර් ඩීසල් දින අටකටත් මේ මොහොතේ තොග පවතින බවත්, ඉදිරියේදී තොග ලැබීමට නියමිත බවත්,බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය. ඒ් මහතා මේ බව සදහන් කර සිටියේ පාර්ලිමේන්තුවේ දී (24) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමිණි.
බලශක්ති අමාත්‍යවරයා ඒහිදී වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය
“දැනට ගොඩ බාමින් පවතින ඩීසල් තොගයෙන් විදුලිබල මණ්ඩලය සඳහා මෙට්‍රික් ටොන් 6000. sojitz බලාගාරය සඳහා මෙට්‍රික් ටොන් 4200 ක් ද වශයෙන් දින හයක් සඳහා අවශ්‍ය ඩීසල් සැපයීමට පියවර ගෙන ඇත. තවද දැවි තෙල් සඳහා ප්රදානය කර ඇති ටෙන්ඩර් එකට අනුව මෙට්‍රික් ටොන් 30000 දැවි තෙල් තොගයක් මාර්තු මස තුන්වන දින ලැබීමට නියමිතය . නියමිත දිනට ණයවර ලිපි විවෘත කළහොත් දැවි තෙල් බලාගාරය සඳහා මාර්තු මාසය තුළ අඛණ්ඩ සැපයුමක් ලබාදීමට හැකිවේ. මීට අමතරව සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ දෛනික දැවි තෙල් මෙට්‍රික් ටොන් 900 නිෂ්පාදනය වේ.”
“ඉදිරි මාස තුන සදහා අපිට ඇමරිකන් ඩොලර් මිලියන 1285.50 අවශ්‍ය වෙනවා ඉන්ධන ආනයනය කරන්න.ඒත් අපි මාස හයට ම පුරොකතනය කරල තියනවා. එයින් ඩොලර් බිලියන 500ක් අපි ඉන්දියානු ණය පහසුකම යටතේ ලබා ලබාගන්න බලාපොරොත්තු වෙනවා . අනෙකුත් ණය වෙනත් මූලාශ්‍ර ගණනාවක් මේ වන විට සාකච්ඡා කරමින් පවතිනවා . ඒවා අවසානය නිගමනයන්ට පැමිණියාට පසු පාර්ලිමේන්තුව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා.”
