ජනාධිපති කිරි මිල වැඩි කරයි

කිරි ලීටරයක් සඳහා ගෙවන මිල රුපියල් සියය දක්වා වැඩි කරන ලෙස ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා මිල්කෝ ආයතනයට අද උපදෙස් දුන්නේ ය.

මිල්කෝ ආයතනයේ අද කළ නිරීක්ෂණ චාරිකාවක දී ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දී තිබේ.

මේ වනවිට ගොවීන්ට ගෙවන මිල රුපියල් 70 ක් 80 ක් පමණ වන බවත්, අතරමැදියන් මගින් කරන මිල දී ගැනීම් නිසා මිලෙහි වෙනසක් ඇති බවත් කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *