ආණ්ඩුවේ හවුල්කරුවෝ වෙන ම පෙරමුණකින් එලියට එති

ආණ්ඩුවේ හවුල්කාර කුඩා පක්ෂ වෙනම පෙරමුණක් ලෙස කල එලි බැසීම ලබන බදාදා සිදු කිරීමට නියමිත බව වාර්තා වෙයි. කෝට්ටේ මොනාක ඉම්පීරියල් ශාලාවේ පවත්වන රැස්වීමක දේ ඔවුන්ගේ නව වැඩ පිළිවෙල එලි දැක්වීමට නියමිත ය.

ඒ අනුව ආණ්ඩුව නියෝජනය කරන ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ජාතික කොංග්‍රසය, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, විජය ධරණී ජාතික සභාව, එක්සත් මහජන පක්ෂය, යුතුකම ජාතික සංවිධානය යන දේශපාලන පක්ෂ 11 විසින් සකසන ලද “මුළු රටම හරි මඟට” ජාතික ප්‍රකාශනය එළිදැක්වීම 2022 මාර්තු 02 වැනිදා සවස 3:00ට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, මොනාක් ඉම්පීරියල් ශාලාවේ දී සිදුකිරීමට නියමිතය.

වත්මන් ආර්තික අර්බුදය පිළිබඳව එම පක්ෂවල විග්‍රහය සහ එයට කෙටි කාලීන සහ දිගු කාලීන විසඳුම් එම සමුළුවේ දී ඉදිරිපත් කරන බව සංවිධායකයෝ කියති.

මෙය ආණ්ඩුව තුළ පසුගිය කාලයේ ඇතිවූ ගැටුම් කල ඒලියට පැමිණීමක් බව දේශපාලන නිරීක්ෂකයෝ කියති.

ඉදිරි කාලයේ වෙන ම පෙරමුණක් ලෙස ක්‍රියාත්මක වීම මෙම පක්ෂ සන්ධානයේ අරමුණ වී ඇතැයි කියති.

මෙම පක්ෂ ඉවත්කොට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තනිව ඉදිරියට යෑමට අනුරාධපුර සල්ගාදු රැස්වීමේ සිට වෙන ම වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමද මෙම ගැටුම වර්ධනය කිරීමට හේතුවක් වී තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *