අද කොවිඩ් මරණ 30 ක් නව ආසාදිතයින් 1208 ක් වාර්තා වෙයි

අද දිනය තුළ කොවිඩ් මරණ 30 ක් තහවුරු කළ බවත්, නව ආසාදිතයින් 1208 ක් හඳුනාගත් බවත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද නිකුත් කළ නිවේදන මගින් තහවුරු කොට තිබේ.
ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 16,116 ක් ලෙස සටහන් වෙයි.
මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව මේ වන විට සටහන් වන්නේ 641,786 ක් වශයෙනි.
