එක් කෝටි විසි ලක්ෂයක හිග බිල ගෙවන්නයි විදුලි බල මණ්ඩලය ඇමති කෙහෙලියට දන්වයි

එක් කෝටි විසි ලක්ෂයකට අධික වී ඇති හිග විදුලි බිල ගෙවන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට දැන්ව ඇතැයි වාර්තා වෙයි.

එම විදුලි බිලේ මුළු එකතුව සඳහන් වන්නේ 12,056,803.34 ක් ( එක කෝටි විසි ලක්ෂ පනස් හය දහස් අටසිය තුනයි ශත තිස් හතරක්) වශයෙනි.

ලංකා විදුලි බල මණ්ඩලය කියන්නේ මෙම එකතුව සිදුව ඇත්තේ 2015 අසයේ සිට මේ දක්වා විදුලි බිල්පත් නොගෙවීම හේතුවෙන් බවයි.

කොළඹ  සරණ මාවතේ පිහිටි ඇමතිවරයාගේ නිවසේ විදුලි බිල මෙසේ නොගෙවා හැර ඇතත්, විදුලිය විසඳි කිරීමක් සිදුකොට නැත.

මෙම බිල පිළිබඳව අවස්ථා ගණනාවක දී ඇමතිවරයාට දැනුම් දී ඇති බව විදුලි බල මණ්ඩල නිලධාරීන් ප්‍රකාශ කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *