බැසිල්ගේ ප්‍රචාරක ව්‍යාපාරය සල්ගාදුවෙන් ම කොට උඩ !

බැසිල් රාජපක්ෂ ඇමතිවරයාගේ මෙහෙයවීමෙන් පසුගිය පෙබරවාරි 9 දා අනුරාධපුර සල්ගාදු පිටියෙන් අපම්භ කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රචාරක ව්‍යාපාරය පක්ෂයේ ජෙෂ්ටයින්ගේ විරෝධය හමුවේ අත්හැර දමන්නට සිදු වී ඇති බව තතු දත් දේශපාලන ආරංචි මාර්ග කියයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තනිව මැතිවරණයකට මුහුණ දී ජයගැනීම අරමුණු කොට ගෙන ආරම්භ කළ රැස්වීම් මාලාව රටපුරා  පැවැත්වීමට සැලසුම් කොට  තිබිණි. එසේ වුවද, මීළඟ රැස්වීම් පැවැත්වීමට පක්ෂයේ ජෙෂ්ටයින්ගේ විරෝධය පළ වී ඇති අතර සංවිධායකයින් ද කර අරිමින් සිටින බව කියති.

තව රැස්වීම් කිහිපයක් හෝ කිරීමට බැසිල් රාජපක්ෂ මහතාට අවශ්‍යව ඇතත්, එයට ද සහයක් නොලැබෙන බව පෙනෙන්නට ඇතැයි  කියති.

පක්ෂයේ ප්‍රධානියකු පවසා ඇත්තේ සල්ගාදුවේ වැනි රැස්වීම් තව කිහිපයක් කළොත් පක්ෂය ඉවරෙටම ඉවර වන බව යි.

මේ අතර මෙය බැසිල් අගමැති තනතුරට සහ ජනාධිපති අපේක්ෂකත්වයට පත්වීමේ සැලැස්මක් ලෙස දකින පිරිසක් ද මෙම වැඩ සටහනට විරුද්ධව කටයුතු කරමින් සිටිති.

රට පුරා ප්‍රචාරක ව්‍යාපාරයක් සමග ඡන්දයකට මුහුණ දීමර බැසිල් රාජපක්ෂ මහතා කළ යෝජනාවක් ද පක්ෂයේ ජෙෂ්ටයින් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *