ස්වාධින වූ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී ජනාධිපති සාර්ථකව ප්‍රධාන ප්‍රශ්න මගහරී !

ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධින වූ මන්ත්‍රී කණ්ඩායම සමග ඊයේ පැවති සාකච්ඡාවේ දී එම කණ්ඩායමේ ප්‍රධාන ඉල්ලීම් වන අන්තර් වාර පාලනයක් සහ විසි වැනි සංශෝධනය ඉවත්කිරීම ගැන කතා කිරීම ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා විසින් සාර්ථක ලෙස මගහැර ඇති බව වාර්තා වෙයි. වත්මන් තත්ත්වයෙන් ගොඩ යාම සඳහා තම යෝජනා ඉවත් වූ කණ්ඩායම විසින් කල් තබාම ජනාධිපතිතුමා වෙත ඉදිරිපත්…

“උද්ඝෝෂකයන්ට ඇත තියන්න එපා !” – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයෙන් රජයට අවවාද

සාමකාමීව විරෝධතා දැක්වීම මහජනයාගේ මානව හිමිකමක් බවත්, උද්ඝෝෂණවල යෙදෙන ජනයාට කිසිදු අවහිරයක් නොකරන ලෙසත්, එකසත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් රජයට අවවාද කොට ඇත. උද්ඝෝෂකයන්ට එරෙහිව කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර යොදා ගැනීමෙන් ද වලකින ලෙස එමගින් රජයට දන්වා තිබේ. ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව තමන් උනන්දුවෙන් නිරීක්ෂණය කරමින් සිටින බව ද,…

මහ වැසි මැද ගාලු මුවදොර නොනවතින රැල්ල දිගට ම

GOHOMEGOTA ලෙස ගාලු මුවදොර පිටියේ ඊයේ ආරම්භ කළ නොනවතින රැල්ල විරෝධතා ව්‍යාපාරය රාත්‍රිය සහ මහා වැසි නොතකා මේ වනවිටත් දිගට ම ක්‍රියාත්මක වෙමින් පවතියි. උද්ඝෝෂණයට තවත් පිරිස් අලුතින් සම්බන්ධ වෙමින් පවතින අතර එයට සහය පළ කරමින් දිවයිනේ වෙනත් ප්‍රදේශවල මෙන් ම කොළඹ වෙනත් ස්ථානවල ද විරෝධතා ව්‍යාපාර ක්‍රියාත්මක කොට ඇත. ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ධුරයෙන්…

සියලු ප්‍රශ්නවලට එකවර විසඳුම් සෙවීම අනතුරුදායක ය – කීර්ති ගොඩිගමුව

  අද පවතින්නේ  සංකීර්ණ එමෙන්ම සංයුක්ත අර්බුදයක් බව පැහැදිලි ය. දැනට වසර දෙකකට පෙර ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ වැජඹුනු මෙම ජනාධිපතිවරයා සහ ආණ්ඩුව අවුරුදු දෙකක් වැනි කෙටි කාලයක් ඇතුළත ජනතා වෛරයට පාත්‍රවීමට හේතු වූ කාරණා විශ්ලේෂණය කිරීම මෙය තේරුම් ගැනීම සඳහා ප්‍රවේශයක් සපයයි.’ මෙම පාලන තන්ත්‍රය කරවන්නන් බලයට පත්වීම සඳහා භාවිත කළ විනාශකාරී උපක්‍රම සහ ව්‍යාජ දේශප්‍රේමය …

සජිත් බෑ කියූ අන්තර් වාර පාලනයේ වගකීම් ගන්න චම්පික ඇතුළු සජබ පිරිසක් සුදානම්

අන්තර්වාර පාලනයකට සම්බන්ද නොවන බව සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා තරයේ කියා සිටිය දී, පාටලී චම්පික රණවක මහතා ප්‍රමුඛ සජබ කණ්ඩායමක් අන්තර් වාර පාලනයක් අවශ්‍ය බව ප්‍රකාශ කරන අතර, එබඳු පාලනයක වගකීම් භාර ගැනීමට ද සුදානම් බව ප්‍රකාශ කොට ඇත. එමෙන් ම කවුරුන් හෝ නිර්භයව එයට නායකත්වය දෙන්නේ නම් එයට සහාය දීමට නොපැකිලෙන බව ද…

පාකිස්තාන් පාර්ලිමේන්තුව අගමැති ඉම්රාන් ඛාන් ගෙදර යවයි

පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් ධුරයෙන් නෙරපීමේ විශ්ව සහ භංගය අද උදේ සම්මත කළ එරට පාර්ලිමේන්තුව ඔහු තනතුරින් නෙරපා හැරීමට කටයුතු කළේය. පාර්ලිමේන්තුවේ ඔහුට තිබු බහුතර බලය අහිමි වූ පසුව ද පාර්ලිමේන්තුව විසුරුවා හැර බලයේ සිටීමට ඉම්රාන් ඛාන් උත්සහ කළ ද අධිකරණ නියෝග නිසා එම උත්සාහය අසාර්ථක වී ඇත. තමන් බලයෙන් ඉවත් කිරීම ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර…

ණය ප්‍රතිව්‍යුහගත කරන්න නීති, මුල්‍ය උපදේසක සමාගම් කැඳවයි

ශ්‍රී ලනකවේ ණය ව්‍යුහගත කිරීම සඳහා නීති උපදේශකයින් සහ මුල්‍ය උපදේශකයින් ලෙස ක්‍රියා කිරීමට කැමති සමාගම්වලින් යෝජනා කැඳවීමට මුදල් අමාත්යංශය ඊයේ කටයුතු කළ කළේය. ඒ සඳහා කැමැත්ත දක්වන සමාගම් සතියක් තුළ තම යෝජනා ඉදිරිපත් කළ යුතු වන අතර සති දෙකක තුළ උපදේශකයින් පත්කර ගැනීමට බලාපොරොත්තු වෙයි. ශ්‍රී ලංකාවේ ණය තත්ත්වය සමාලෝචනය කොට රජයට උපදෙස් ලබාදීම…

“කුමන්ත්‍රණකරුවන්ට බලය අල්ලාගත හැකි නමුත් රැකගත නොහැකියි” – කොළඹ අගරදගුරුතුමෝ කියති

  කුමන්ත්‍රණකරුවන්ට බලය අල්ලාගත හැකි නමුත් රැකගත නොහැකි බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. වත්මන් රජය පසුගිය මැතිවරණවලදී පාස්කු ප්‍රහාරය යොදා ගත් ආකාරය අනුව ඒ පිටුපස කුමන්ත්‍රණයක් ඇතැයි සිතුණු බවත් ඒ කුමන්ත්‍රණකරුවන් කවුරුන්දැයි හෙළිදරව් වෙමින් තිබෙන බවත් කාදිනල්තුමෝ කීහ. කාදිනල්තුමන් මේ බව පැවසුවේ මීගමුව නගරයේ අද (9) පැවති විරෝධතාවයකට එක් වෙමිනි. ”ජාතිවාදය, ආගම්වාදය අවුස්සලා…

‘‘මහින්ද ඉවත්කර නව අගමැතිවරයකු පත්කරන්න‘‘ – ආණ්ඩුවෙන් ඉවත් වූ කණ්ඩායම ජනාධිපතිගෙන් ඉල්ලයි

  රට පත්ව ඇති අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩගැනීම සඳහා ,අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කර, නව අගමැතිවරයකු යටතේ කැබිනට් මණ්ඩලයක් පත්කරන්නැයි හවුල්කාර පක්ෂ 11 සහ අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත. රටේ පවතින දේශපාලන හා ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම සඳහා වන යෝජනාවලියක්ද ජනාධිපතිවරයාට යැවූ ලිපිය මගින් ඉදිරිපත්…

මේ තිබෙන තත්ත්වයෙන් අයි එම් එෆ් ණය ගන්නත් බැහැ – මහ බැංකු අධිපති, භාණ්ඩාගාරයේ ලේකම් කියයි

ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්තමානයේ පවතින තත්ත්වය අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ඉක්මන් ණය මුදලක් ලබා ගැනීමේ හැකියාවක් නැති බව අලුතින් පත් වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් ප්‍රනාන්දු සහ භාණ්ඩාගාරයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහත්වරු ප්‍රකාශ කරති. ඔවුන් කියන අන්දමට එයට හේතු වී ඇත්තේ ලංකාවේ දැනට ඇති ණය තිරසාර නොවන බව පසුගියදා මුල්‍ය අරමුදල නිකුත් කළ අධ්‍යයන…

ආර්ථිකය එකවර ආපසු හරවන්න කාටවත් බෑ – මහ බැංකුවේ නව අධිපති නන්දලාල් වීරසිංහ

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ අද තිබෙන තත්ත්වය එකවර ආපසු හරවන්න කිසිවෙකුට බැරි බවත්, පළමුවෙන් කළ යුතු වන්නේ මහ විනාශයකට යන ගමන නතර කර ගැනීම බවත්, එය කළ හැකි වන බව තමන්ට විශ්වාශ බවත්, මහ බැංකුවේ නව අධිපති ආචාර්ය  නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය. ආර්ථිකය අද පවතින්නේ මහා ප්‍රපාතයකට ඇදී යන වාහනයක් ආකාරයෙන් බවත්, පළමුවෙන් කළ යුත්තේ…

කොවිඩ් මරණයක් නව ආසාදිතයින් 80 ක් අද වාර්තා වෙයි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ගේ වර්තනනුව අද දිනය තුළ කොවිඩ් මරණයක් තහවුරුන්කොට ඇති අතර අලුතින් කොවිඩ් ආසාදීත් 80 ක් හඳුනාගෙන ඇත. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 16,489 ක් ලෙස සටහන් වෙයි. මෙරටින් මෙතක් වාර්තා වී ඇති කොවිඩ් අසාදිත සංඛ්‍යාව 662,505 ක් වශයෙන් සටහන් වී ඇත.