“උද්ඝෝෂකයන්ට ඇත තියන්න එපා !” – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයෙන් රජයට අවවාද

සාමකාමීව විරෝධතා දැක්වීම මහජනයාගේ මානව හිමිකමක් බවත්, උද්ඝෝෂණවල යෙදෙන ජනයාට කිසිදු අවහිරයක් නොකරන ලෙසත්, එකසත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් රජයට අවවාද කොට ඇත.
උද්ඝෝෂකයන්ට එරෙහිව කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර යොදා ගැනීමෙන් ද වලකින ලෙස එමගින් රජයට දන්වා තිබේ.
ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව තමන් උනන්දුවෙන් නිරීක්ෂණය කරමින් සිටින බව ද, එම සංවිධානය කියයි.
