ණය ප්‍රතිව්‍යුහගත කරන්න නීති, මුල්‍ය උපදේසක සමාගම් කැඳවයි

ශ්‍රී ලනකවේ ණය ව්‍යුහගත කිරීම සඳහා නීති උපදේශකයින් සහ මුල්‍ය උපදේශකයින් ලෙස ක්‍රියා කිරීමට කැමති සමාගම්වලින් යෝජනා කැඳවීමට මුදල් අමාත්යංශය ඊයේ කටයුතු කළ කළේය.

ඒ සඳහා කැමැත්ත දක්වන සමාගම් සතියක් තුළ තම යෝජනා ඉදිරිපත් කළ යුතු වන අතර සති දෙකක තුළ උපදේශකයින් පත්කර ගැනීමට බලාපොරොත්තු වෙයි.

ශ්‍රී ලංකාවේ ණය තත්ත්වය සමාලෝචනය කොට රජයට උපදෙස් ලබාදීම සහ ණය හිමියන් සමග සාකච්ඡා සහ රැස්වීම් කැඳවීම මුල්‍ය උපදේශකයින්ගේ කාර්යභාරයට ඇතුළත් ය.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ණය හිමියන් සමග සාකච්ඡා කිරීමට සම්බන්ධ වීම නීති උපදේශකයින්ගේ ප්‍රධාන කාර්යභාරය වෙයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩ සටහනකට පුර්ව සුදානම්වීමේ කටයුක්තක් ලෙස මෙම ක්‍රියා මාර්ග ගත යුතු බව කියති.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *